ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක දේශගුණ සමුළුවට සහභාගිවීම සඳහා මෙම සතියේ විදෙස්ගත වන බව වාර්තා වේ. සංචාරයට අසූ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන බවද එම වාර්තාවේ දැක්වේ.

28 වන වරට පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුව (Cop28) මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි හි Expo City සංකීර්ණයේ දී පැවැත් වීමට නියමිතය. නොවැම්බර් 30 වන දා සිට දෙසැම්බර් 12 දක්වා මෙම සමුළුව පැවැත්වෙනු ඇත.

කංචන විජේසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, රුවන් විජේවර්ධන, දිනුක් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සංචාරයට එක් වීමට නියමිතය. මෙම සංචාරය සඳහා යන වියදම අනුග්‍රාහකයා මාර්ගයෙන් සහ ඔවුන් විසින්ම දරනු ඇති බවත් තවදුරටත් දැක්වේ.

Share.

Comments are closed.