Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Rank»ඩුබායි, ලොව හොඳම නගර 10 අතරට
Rank

ඩුබායි, ලොව හොඳම නගර 10 අතරට

Stanly KularathnaBy Stanly KularathnaNovember 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි, අරාබි සහ කලාපීය නගර ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර Global Power City Index (GPCI) 2023 හි ගෝලීය වශයෙන් හොඳම නගර 10 අතරට ශ්‍රේණිගත වී තිබෙනවා. මේ පිළිබඳව ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි හි විධායක සභාවේ සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, පසුගියදා නිවේදනය කළේය.

මෙම දර්ශකය නිකුත් කරනු ලබන්නේ ජපානයේ නාගරික උපාය මාර්ග සඳහා වන මොරි අනුස්මරණ පදනම් ආයතනය විසිනි.

ෂෙයික් හම්දාන් X හි ඔහුගේ ගිණුමේ මෙසේ සඳහන් කළේය: “මෙම ගෞරවනීය දර්ශකයේ ගෝලීය වශයෙන් ඩුබායි අටවන ස්ථානය ලබා ගනී. මෙම ජයග්‍රහණයට දායක වූ සැමට අපගේ කෘතඥතාව පුදකර සිටිමු. ඩුබායිහි ප්‍රජාවට, විශිෂ්ටත්වය සඳහා කැප වූ දූරදර්ශී නායකයෙකු ලැබීමට අපි වාසනාවන්ත වෙමු. අපගේ අභිලාෂයන්ට සීමාවන් නොමැති බැවින් ඩුබායි නිරතුරුවම ඉහළම අරමුණු කරා යයි. ඩුබායි හි ප්‍රජාව, කණ්ඩායම් සහ හවුල්කරුවන්ගේ සාමූහික ප්‍රයත්නයන් තුළින් අපට, ඩුබායි ගෝලීය අනාගත නගරයක් බවට පත් කළ හැකිය.”

2023 දර්ශකයේ, ප්‍රධාන නගර ඔවුන්ගේ ‘ආකර්ශණීය භාව​ය’ නැතහොත් මිනිසුන්, ප්‍රාග්ධනය සහ ව්‍යවසායයන් ආකර්ෂණය කර ගැනීමේ බලය මත ශ්‍රේණිගත කරයි. ඩුබායි, පෙර ශ්‍රේණිගත කිරීමට වඩා ස්ථාන තුනක් ඉහළ ගොස් අටවැනි ස්ථානයට පත් විය. මෙම ජයග්‍රහණය ප්‍රමුඛ ගෝලීය නගරයක් ලෙස ඩුබායි හි තත්ත්වය තහවුරු කරයි. එම තත්වයන්, එහි නායකත්වයේ දැක්ම සහ එහි පුරවැසියන්ගේ සහ පදිංචිකරුවන්ගේ සාමූහික අධිෂ්ඨානය මගින් මෙහෙයවනු ලැබේ.

Global Power City Index 2023, මගින් පෙන්නුම් කර​න ඩුබායි හි ප්‍රගතිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලකයා වන අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට කැපවූ උත්සාහයන් පිළිබිඹු කරන බව ෂෙයික් හම්දාන් පැවසීය.

කීර්තිමත් ලැයිස්තුවට ඇතුළත් වූ මැදපෙරදිග පළමු නගරය ලෙස ඩුබායිහි ජයග්‍රහණය පිළිබඳව ෂෙයික් මොහොමඩ්ට සුබ පැතුම් එක් කරමින් ෂෙයික් හම්දාන් මෙසේ පැවසීය: “අපගේ අභිලාෂයන්ට සීමාවක් නැත. අපගේ ජාතියේ, ජනතාවගේ නොසැලෙන කැපවීම සමඟ අනාගත නගර සඳහා ආදර්ශයක් ලෙස ඩුබායි හි තත්ත්වය ශක්තිමත් කිරීම, ගෝලීය ප්‍රමිතිය සකසන සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීම​ට අපි දිගටම කටයුතු කරන්නෙමු. ඩුබායි හි විශිෂ්ටත්වය සහ ජයග්‍රහණ පැන නගින්නේ අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ දූරදර්ශී නායකත්වයෙන් වන අතර, නගරය නායකත්වයේ සහ විශිෂ්ටත්වයේ උච්චතම ස්ථානය කරා වේගයෙන් රැගෙන යයි.

ෂෙයික් හම්දාන් ඩුබායි හි පෞද්ගලික සහ රාජ්‍ය අංශ දෙකෙන්ම ඉල්ලා සිටියේ ඩුබායි තිරසාර සංවර්ධන ආකෘතියක් ලෙස ස්ථාපිත කිරීමට දරන ප්‍රයත්නයන්හිදී මිනිසුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ප්‍රමුඛස්ථානයේ තබන ලෙසයි.

2023 දර්ශකයේ, ටෝකියෝ, ඉස්තාන්බුල්, මැඩ්රිඩ්, මොස්කව් සහ සිංගප්පූරුව අභිබවා යමින් ඩුබායි සංස්කෘතික අන්තර්ක්‍රියා පරාමිතිය තුළ අඛණ්ඩව දෙවන වසරටත් සිව්වන ස්ථානය රඳවා ගත්තේය.

මේ අතර ලන්ඩන්, නිව්යෝර්ක් සහ පැරිස් පළමු ස්ථාන තුන බවට පත්වි​ය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක දේශගුණ සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනපති ඩුබායි වෙත.
Next Article ජාතික දිනය වෙනුවෙන් උම් අල් කුවේන්හි රථවාහන දඩ සඳහා 50% වට්ටමක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.