Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවෙතැයි ඉඟි – ICC තහනමත් ඉවත් වෙන ලකුණු. 
Sports

ක්‍රිකට් අතුරු පාලක කමිටුව අත්හිටුවෙතැයි ඉඟි – ICC තහනමත් ඉවත් වෙන ලකුණු. 

kumudikaBy kumudikaNovember 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු කමිටුවක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් පසු ගියදා නිකුත් කළේය. ක්‍රිකට් ආයතනය විසින් අධිකරණයට ගොස් ඒ සඳහා තහනම් නියෝගයක් ලබා ගෙන ඇති අතර මෙතෙක් එහි අවසන් තීන්දුව ලබා දී නොමැත.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ක්‍රිකට් පරිපාලනය සඳහා දේශපාලන මැදිහත්වීමක් සහිත අතුරු කමිටු ප්‍රතික්ෂේප කරන බවයි. ක්‍රීඩා සංගම් වල ඡන්දයෙන් තේරී පත් වූ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බවත් ඔවුන් කියා සිටී. මේ අතර නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී  කියා සිටියේ ‍ක‍්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්නා බවත් නීති කඩකරමින් දූෂණ නැති කල නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ඉඩකඩ ඇති බව ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ශ‍්‍රී ලංකාවට පැනවූ තහනම ඉවත් කිරීමට නම් ක‍්‍රිකට් සදහා දේශපාලන බලපෑම් තවදුරටත් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ICC ය  ඉල්ලා ඇති බවද සඳහන් වේ.

රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම ක්‍රිකට් පරිපාලනයට රජය තවදුරටත් මැදිහත් නොවීමේ සළකුණක් වනු ඇතැයිද එම වාර්තාවේ සඳහන්. මේ අතර ක්‍රිකට් අතුරු කමිටුවක් පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ වේ.
Next Article දෙසැම්බර් 1 සිට 3 දක්වා ෂෙයික් සයීඩ් මාර්ගය වසා දමයි
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.