දුර්ලභ සුමාත්‍රා රයිනෝ ගණයේ රයිනෝ පැටවෙකු
ඉන්දුනීසියාවේ අභයභූමියක උපත ලබා ඇත.
තවමත් නම් කර නොමැති මෙම පැටවාගේ බර කිලෝග්‍රෑම් 25  (රාත්තල් 55) කි.
සුමාත්‍රා රයිනෝ වර්ගය සියලුම රයිනෝස් වර්ග අතරින් කුඩාම රයිනෝ වන අතර ඔවුන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව තිබේ.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ බෝර්නියෝ දූපත් වල ජීවත් වන මෙම සතුන් දැනට ලෝකයේ ඉතිරිව ඇත්තේ 40 ක් පමණි. මේ නිසා මෙම සාර්ථක උපත සැමරීමට නියමිත බව ගෝලීය සංරක්ෂණ පුණ්‍යායතනය වන WWF පවසයි.
මෙම රයිනෝ වර්ගය භූතානය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය සහ  තවත් ඈත ප්‍රදේශවල දක්නට ලැබෙන බව සඳහන්.

Share.

Comments are closed.