දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ගුවන්තොටුපළේ මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ නමින් හඳුන්වන විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔහු  පිටව ගොස් තිබේ.
දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් අද අළුයම 1.30 ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබෙන බව සඳහන්.

අධිකරණ නියෝග මත ඉදිරි පැය 48 ක කාලය ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි ඔහුට එරෙහිව මේ වන විට අධිකරණයේ චෝදනා විභාග වෙමින් පවතින අතර ඔහුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. නමුත් ඊට පෙර ඔහු රටින් පිට වී ගොස් ඇත.

මේ හේතුව මත ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානමින් සිටි නමුත් අධිකරණයට ඔහුගේ නීතීඥයන් විසින් කරන ලද කරුණු දැක්වීමක් මත අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇත්තේ මෙරටට පැමිණ පැය 48 ඇතුලත රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කරමිනි. මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ තිබේ .

Share.

Comments are closed.