එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දින දිගු සති අන්තය මෙන්ම 2023 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ 28 වන අදියර ආරම්භය හේතුවෙන් ඉදිරි දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉහල සංචාරකයන්ගේ පැමිණීමක් සහ ගුවන් ගමනාගමනය 10% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. COP28 නියෝජිතයින් සහ ව්‍යාපාරික විධායකයින් 70,000කට වැඩි පිරිසක් ඩුබායි වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා කාලසීමාව තුල ක්‍රියාත්මක වීමට නියමිත COP28, මෙම වසරේ නායකයින්, ව්‍යාපාරිකයන් සහ පරිසරවේදීන්ගේ ලොව විශාලතම රැස්වීම වේ. බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පකිස්ථානයේ භාරකාර අගමැති අන්වාර් උල් හක් කකාර් සහ තවත් බොහෝ ආසියානු, අප්‍රිකානු සහ යුරෝපීය නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 140 කට වැඩි පිරිසක් සහභාගී වෙනු ඇත.
“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දින සැමරුම් සහ නිල නිවාඩු සමග එය පෙළගැස්වීම අනුව, සම්මන්ත්‍රණයේ මුල් දිනවල ගුවන් ගමනාගමන ප්‍රවාහය 10%ක් දක්වා ඉහළ යා හැකි බව අපේක්ෂා කරයි. රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධාන, මාධ්‍ය නියෝජිතයින් සහ වෙනත් අය ඇතුළුව සම්මන්ත්‍රණවලට සහභාගිවන්නන් 70,000 කට අධික සංඛ්‍යාවකට සත්කාරකත්වය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේක්ෂා කරයි” සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) පසුගියදාදා ප්‍රකාශ කළේය.
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (DXB) පසුගියදා නිවේදනය කළේ, සෑම සතියකම DXB වෙතින් එක් දිශාවකට ගුවන් ගමන් 4,400 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර, එය පෙර ශීත සමයට වඩා 20 %ක වැඩිවීමක් සනිටුහන් කරමින් “ඉතිහාසයේ වඩාත්ම කාර්යබහුලම ශීත කාලය” අත්විඳිනු ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ COP28 සමුළුව අතරතුර වැඩි වූ ගුවන් ගමනාගමනයට ඉඩ සැලසීමට ෂෙයික් සයිඩ් ගුවන් සංචලන මධ්‍යස්ථානයේ සූදානම ද සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (GCAA) නිවේදනය කළේය.
මීට අමතරව, රට තුළ සහ ඉන් පිටත සියලුම උපාය මාර්ගික හවුල්කරුවන් සමඟ සුමට හා කාර්යක්ෂම සම්බන්ධීකරණයක් සහතික කිරීම සඳහා ගුවන් ගමනාගමන ප්‍රවාහ කළමනාකරණ ඒකකය ද සක්‍රීය කර ඇත. මෙම ඒකකය ගුවන් ගමන් ප්‍රමාදයන් අවම කිරීමට සහ ගුවන් ගමනාගමන කාර්යක්ෂමතාව වැඩි කිරීමට ක්‍රියාකාරී පද්ධති භාවිතා කරනු ඇත.
“අද, අපි COP28 සමුළුව අතරතුර වැඩි වූ ගුවන් ගමනාගමනයට ඉඩ සැලසීම සඳහා ෂෙයික් සයිඩ් ගුවන් සංචලන මධ්‍යස්ථානයේ සූදානම නිවේදනය කරමු. සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියේදී, රට විසින් සත්කාරකත්වය දරන ගෝලීය ඉසව් අතරතුර වර්ධනය වන ගුවන් ගමනාගමනය කාර්යක්ෂමව නියාමනය කිරීම සහතික කිරීම සඳහා උසස් යටිතල පහසුකම් සහ සුදුසුකම් ලත් කණ්ඩායම් උපයෝගී කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිමු. ජාත්‍යන්තර ගුවන් සේවා සහ ගුවන් සංචලන ක්ෂේත්රය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථානය පිළිබිඹු කරන විශිෂ්ට ගුවන් සේවා සැපයීමට අපගේ කැපවීම මෙම සූදානම මගින් අවධාරණය කරයි,”සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සයිෆ් මොහොමඩ් අල් සුවයිඩි පැවසීය.