අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන නොදර්න් වොරියර්ස් කණ්ඩායම ජය ගෙන ඇත. අබුඩාබි T10 හෙවත් පන්දුවාර 10 යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර පසුගිය (28) දා ආරම්භ විය.

එහිදී නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ කාසිය වාසිය හිමි කරගත් සෑම්ප් ආමි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලහ. ඒ අනුව පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103 කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි කණ්ඩායමට  නියමිත පන්දුවාර 10 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී  ලකුණු 94ක් පමණි. ඒ අනුව නොදර්න් වොරියර්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 9කිනි. ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගත්තේය. තරගයේ 9 වෙනි පන්දුවාරයේ පළමු, දෙවන සහ තෙවන පන්දුවලදී මැතිව්ස් මෙම දක්ෂතාව දැක්වීය.

Share.

Comments are closed.