දෙසැම්බර් 4 වන සඳුදා දින​ය රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම වැටුප් සහිත නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන්ට දින තුනක දිගු සති අන්තයක් භුක්ති විඳිය හැකිය. මුළු රටම ජාතික දින සැමරුම් සඳහා සූදානම් වෙද්දී, දේශීය ටෙලිකොම් ක්‍රියාකරුවන් තම ග්‍රාහකයින්ට නොමිලේ දත්ත, වට්ටම් සහ ප්‍රවර්ධන ලබා දෙමින් සැමරුම් සඳහා එක්වී සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සමරන වැසියන් අතර ප්‍රීතිය පැතිරවීම සඳහා du විසින් ගිගාබයිට් 52 ක නොමිලේ දත්ත භුක්ති විඳීමට, පසුගෙවුම් සැලැස්මකට දායක වූ පාරිභෝගිකයින්ට අවස්ථාව පිරිනමනු ලැබෙන අතර මෙම පිරිනැමීම එහි යෙදුම හරහා සක්‍රිය කළ හැකි​ය.

ඒ හා සමානව, පෙරගෙවුම් පාරිභෝගිකයින්ට​ද ඩිරාම් 30 හෝ ඊට වැඩි ප්‍රමාණයක් recharge කිරීමකදී ගිගාබයිට් 52 ක නොමිලේ දත්ත පිරිනැමීම සඳහා දායක විය හැකි අත​ර එය du යෙදුම හරහාද ලබා ගත හැකිය. එම පිරිනැමීම සක්‍රිය වූ දින සිට සතියක් සඳහා වලංගු වේ. එසේම, ගෘහස්​ථ පාරිභෝගිකයන්ටද Video on Demand යටතේ මාතෘකා 52ක් සඳහා 50%ක වට්ටමක්, ප්‍රවර්ධන කාලසීමාව තුළ දී භුක්ති විදීමට අවස්ථාව උදාකරගත හැ​ක.

“අපගේ ජාතික දින සැමරුම් සුවිශේෂී දීමනා සහ ප්‍රවර්ධනයන් අපගේ පාරිභෝගිකයන් වෙත පිරිනැමීම​ට අපි සතුටු වෙනවා. අපගේ පරමාර්ථය වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතික උරුමයන් සහ වටිනාකම් සැමරීමේදී ප්‍රීතිය සහ සතුට පැතිරවීමත් අපගේ ගනුදෙනුකරුවන්ට සුළු වශයෙන් ​හෝ විශේෂ හැඟීමක් සහ ඇගයීමක් ලබා දීමයි.” du හි ප්‍රධාන විධායක නිලධාරී Fahad Al Hassawi පැවසීය.

ඒ හා සමානව, Etisalat ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි 52 වැනි ජාතික දිනයට සමගාමීව ගිගාබයිට් 52 ක දත්ත පිරිනමයි. ජංගම පරිශීලකයින්ට My Etisalat UAE යෙදුමේ  “Deals for You” පිටුවෙන් මෙම දීමනාව ලබා ගත හැක. මෙම දීමනාව දෙසැම්බර් 1 සිට 3 දක්වා සක්‍රිය කිරීම සඳහා වලංගු වන අත​ර සක්‍රිය කළ පසු, ගිගාබයිට් 52 ක දත්ත දෙසැම්බර් 1 සිට 7 දක්වා වලංගු වේ. පිරිනැමීම සියලුම පෙරගෙවුම් සහ පසුගෙවුම් සබඳතා ඇති UAE ජාතිකයන් සඳහා වේ.

Share.

Comments are closed.