එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2024 ජනවාරි 1 සිට 2024 මාර්තු අවසානය දක්වා දිනකට බැරල් 163,000 ක අතිරේක ස්වේච්ඡා කප්පාදුවක් OPEC+ රටවල් සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ඇත.

එබැවින්, 2024 මාර්තු අවසානය දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනය දිනකට බැරල් 2,912,000 වනු ඇත.

පසුව, වෙළඳපල තත්ත්වයන්ට යටත්ව මෙම අතිරේක​ව කපාහැරි පරිමාවන් ක්‍රමයෙන් ආපසු ලබා දෙනු ඇති අතර මෙම පියවරයන් අනුගමනය කරනු ලබන්නේ වෙළඳපල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහාය වීම සඳහාය.

මෙ​ම කප්පාදු​ව, 2023 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කරන ලද දිනකට බැරල් 144,000 ක ස්වේච්ඡා කප්පාදුවට අමතරව වන අතර එය 2024 දෙසැම්බර් අවසානය දක්වා දීර්ඝ කෙරේ.

මෙම අතිරේක ස්වේච්ඡා කප්පාදුව පැමිණෙන්නේ OPEC+ රටවල් විසින් තෙල් වෙලඳපොලවල ස්ථාවරත්වය සහ සමතුලිතතාවයට සහය දැක්වීමේ අරමුණින් ගන්නා ලද පූර්වාරක්ෂා ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහාය.

Share.

Comments are closed.