Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා
Foreign Employment

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා

Stanly KularathnaBy Stanly KularathnaDecember 2, 2023No Comments5 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ ඊයේ සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජපානයේ සේවය කිරීමට කම්කරුවන් සඳහා වන නිශ්චිත පුහුණු පරීක්ෂණය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහාද ඊයේ දින සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම නිමිත්තෙන් ශ්‍රී ලංකා​වේ ජපාන තානාපති මිසුකෝෂි මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ ​එම් හිල්මි මහතා සමඟ එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වු අවස්ථාවේදීය. ඒ අනුව ඉකුත් වසරේ සිට දැනටමත් ක්‍රියාත්මක වන හෙද සත්කාර, ආහාර ක්ෂේත්‍රවල සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර හතරක නිපුණතා පරීක්ෂණ දැන්ටමත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේද පැවසීය. ජපානය දශක ගණනාවක සිට අපේ රටට විශාල වශයෙන් සහය ලබාදුන්නා. විශේෂයෙන්ම අපි දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා රට බංකොලොත් භාවයට පත්වුන අවස්ථාවේදී, අනෙකුත් රටවල් වලටත් නායකත්වයක් ලබාදෙමින් පැරිස් සමාජය ඇතුලේ වගේම අනිත් සෑම ස්ථානයකදීම ණයකරුවන් අතරේ සාකච්ඡා වලට නායකත්වය අරගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට දැවන්ත දායකත්වයක් ලබාදුන්නා. ඒ අනුව ජපානය අපිට ලබා දුන්න සහයට ජපාන අග්‍රමාත්‍යවරයා ඇතුළු එරට සියලුම ජනතාවට ස්තූතිය පළකරනවා.

ජපානයේ පවතින රැකීරක්ෂා සම්බන්ධයෙන් බලන විට ජපානය විසින් අපිට සුවිශේෂි අවස්ථාවක් ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් ජපානයේ ජීවත්වෙනවා, ඒ වගේම රැකියා කරනවා. ඒ වගේම ජපානය අපිට අලුත් රැකියා අවස්ථා සඳහාද දොරටු විවරකර දී තියෙනවා. ඒ වගේම ඉදිරි වසර පහ ඇතුලතදී ජපානයේ විදේශ රටවල ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවය ලක්ෂ හතලිස් පන් දහසක් දක්වා ඉහළ ගොස් තියෙනවා.

අනාගතය ගැන සලකා බලන විට මීටත් වඩා වැඩි රැකියා ප්‍රමාණයක් ජපානය තුල විවෘත වෙන්න පුළුවන්. ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිතු දම ඉතා ශක්තිමත්. ඒ නිසාම ජපානය විසින් විශාල වශයෙන් මෙරට ශ්‍රමිකයින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවා.

ඒ අනුව ජපාන රැකියා ඉලක්ක කරගනිමින් පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඉගැන්වීම සඳහා අවශ්‍ය මූලික කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ගුරුවරු පුහුණු කිරීම් කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ජපන් භාෂාව ඉගැන්වීමට අදාලව දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත්කර තිබෙනවා.

මේ අතර ජපන් භාෂා පුහුණු කිරීමේ ආයතන වලට ගාස්තු ගෙවීම් වගේම බාහිර ආයතනයකින් ජපන් භාෂාව ඉගෙන ගෙන විදේශගත වන අවස්ථාවකදී එම මුදල් ප්‍රති පූර්ණය කිරීම වගේ කටයුතු හරහා ජපන් භාෂාව ඉගෙන ගැනීම තවදුරටත් ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නායකත්වය විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙනවා.

ඒ වගේම ඉහළ වැටුප් ලබා ගැනීමේ හැකියාව තියෙන SSW කියන කාණ්ඩය ඔස්සේ දැනට රැකියා විවෘත වෙලා තියෙන්නේ සාත්තු සේවක, කෘෂි, ආහාර සැකසුම් කියන ක්ෂේත්‍ර වලට විතරයි. මේ නිසාම අපි එම ක්ෂේත්‍ර වලට අමතරව ඉදිකිරීම්, ගොඩනැගිලි පිරිසිදු කිරීම, ඔටෝ මොබයිල් කියන ක්ෂේත්‍ර වලටත් SSW ක්‍රමවේදය විවෘත කරගැනීමට අදාල ඉල්ලීම් කීපයක්ම ඉදිරිපත් කළා.

ඒ අනුව පසුගිය කාලයේදී අපි ජපානයේ කෘෂිකර්ම, සෞඛ්‍ය, අධිකරණ අමාත්‍යවරුන් ඇතුළු මේ විෂයන්ට අදාල සියලුම අමාත්‍යවරුන් මුණගැසී ඉල්ලීම් කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද අපිට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමට හැකියාව ලැබී තියෙනවා. ඒ තමයි අද දවසේ සිට ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහාත් SSW කියන කාණ්ඩය යටතේ ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට ජපානයට යෑමට අවස්ථාව හිමිවෙන මූලික විභාග කටයුතු ආරම්භ වෙනවා.

ජපන් භාෂා හැකියාවක් තියෙන, ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසට මේ විභාගයට මුහුණ දීලා ජපානයට SSW කාණ්ඩය ඔස්සේ යන්න හැකියාව ලැබෙනවා.

මෙහිදී සඳහන් කළයුතුම කාරණය වන්නේ, අපි පුහුණ වන්නන් විදිහට කණ්ඩායමක් යනවා. ඊට අමතරව SSW කාණ්ඩය යටතේ අපි විශේෂිත පුහුණුවක් සහිතවයි ශ්‍රී ලංකිකයින් යොමු කිරීම සිදු කරන්නේ. එහිදී SSW කාණ්ඩය යටතේ විදේශ ගත වන ශ්‍රමිකයින් හට තමන් රැකියාව කරන ක්ෂේත්‍රයේ තුලදී ජපානයේ ශ්‍රමිකයන්ට සමාන වැටුපක් ලබා ගන්නත් අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව අද දිනයේ සිට මධ්‍යස්ථාන හතරක මෙම විභාග පැවැත්වීම සිදුවෙනවා. එහිදී එම් 4 විභාගය සමත් අයට මෙම විභාගය මුහුණ දීමට අවස්ථාව හිමිවෙනවා.

ඇත්තටම තවත් අවුරුදු දහයක් ගත වෙද්දී ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා තවත් විශාල ප්‍රමාණයක් විවෘත වීමට නියමිතයි. ඒකට මූලිකම හේතුව දැනට ජපානයේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සිටින විශාල පිරිසක් තව අවුරුදු දහයකින් විශ්‍රාම යෑමට නියමිත වීමයි. ඒ වගේම ජපානය තුල ශ්‍රමිකයින්ගේ විශාල හිඟයක් තියෙනවා. මේ නිසා දැන් ඉදලම ජපන් භාෂාව ඉගෙන ගෙන සූදානම් වෙනවා නම් විශාල අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව හිමිවේවී.

ඒ වගේම අනෙකුත් රැකියා ක්ෂේත්‍ර වලට SSW කාණ්ඩය ඔස්සේ රැකියා අවස්ථා විවෘත කරගැනීමට ජපන් රජයට ඉල්ලීම් කළා වගේ අද දවසේද මෙරට ජපාන තානාපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා.

ජයිකා ආයතනය ජපන් භාෂාව පුහුණ කිරීම වෙනුවෙන් සුවිශේෂ ශක්තියක් ලබාදීමට ඉදිරිපත් වී තිබෙනවා. ජපානය හොඳ මිතුරෙක් විදිහට අපි අමාරුවේ වැටුන වෙලාවේ අපෙන් වාසියක් බලාපොරොත්තු වෙන්නේ නැතිව මේ ගෝලීය භූ දේශපාලන තත්ත්වය ඇතුලේ අපිව තලන්නේ පෙලන්නේ නැතිව සහය ලබා දීම ගැන බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.

ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට මෙය ඉතාමත් හොද අවස්ථාවක් වන බැවින් ජපානයේ සේවය කිරීමට හැකි දක්ෂ ශ්‍රී ලාංකිකයින් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි තානාපති මිසුකෝෂි මහතා අදහස් දක්වමින් පැවසුවේය. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව SSW සදහා වූ පරීක්ෂණ ආරම්භවීමත් සමග ජපන් භාෂාව ඉගෙනීමට ඇති උනන්දුව සීග්‍රයෙන් ව්‍යාප්තවීම පිළිබදව ඔහු අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනයට සහාය දැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ද පැහැදිළි කළේය.

තවද ලංකාවේ ජනතාවට සහායවීමට සහ ශ්‍රී ලංකාව සමග ජපනායේ ඇති දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් පුළුල් කිරීමට ජපන් රජයේ ඇති දැඩි කැපවීමද ඔහු මෙහිදී යළිත් අවධාරණය කළේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් මහතා, ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article‘ඩුබායි මැරතන් – 2024’ තර​ඟයේ 23 වන අදියර, ජනවාරි 7 වනදා
Next Article Cop28 සමුළුවේදී ශ්‍රී ලංකා ජනපතිගෙන් පෘථිවි ආරක්ෂාවට යෝජනා
Stanly Kularathna

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.