Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»‘ඩුබායි මැරතන් – 2024’ තර​ඟයේ 23 වන අදියර, ජනවාරි 7 වනදා
Events

‘ඩුබායි මැරතන් – 2024’ තර​ඟයේ 23 වන අදියර, ජනවාරි 7 වනදා

Stanly KularathnaBy Stanly KularathnaDecember 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ක්‍රීඩා කවුන්සිලය විසින් අනුමත කරන ලද, ඩුබායි මැරතන් තර​ඟයේ 23 වන අදියර, 2024 ජනවාරි 7 වන ඉරිදා දි​න පැවැත්වෙන අත​ර තරග ඉසව් ලෙ​ස කිලෝමීටර් 4​ක විනෝද දිවීම් තර​ඟය, කිලෝමීටර් 10​ක මාර්ග ධාවන තර​​ඟය සහ කිලෝමීටර් 42.195 දුර ප්‍රධා​න මැරතන් ධාවන තර​​ඟය ඇතුලත් වෙනවා. ඉසව් සංවිධායකයින් ලෙ​ස ඩුබායි ක්‍රීඩා කවුන්සිලය, ඩුබායි පොලිසිය සහ ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය කටයුතු කරනවා.

ඩුබායි මැරතන් තර​ඟයේ ඉසව් අධ්‍යක්ෂ​ක පීටර් කොනර්ටන් සඳහන් ක​ලේ  “2024 ඩුබායි මැරතන් තර​ඟය පැවැත්වීම සඳහා අප සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඩුබායි ක්‍රීඩා කවුන්සිලයට මෙන්ම ඩුබායි පොලිසිය, ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සහ ඩුබායි මහ නගර සභාවට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම, ඩුබායි වැනි සමෘද්ධිමත් අගනගරයක් තුළ ප්‍රධාන ජාත්‍යන්තර මැරතන් තර​​ඟයක් පැවැත්වීම සඳහා විවිධ රජයේ දෙපාර්තමේන්තු අතර පුළුල් සම්බන්ධීකරණයක් අවශ්‍ය වෙනවා.”

ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ මහලේකම් සයීඩ් හරෙබ් ප්‍රකාශකලේ වාර්ෂික ක්‍රීඩා ඉසව් පෙලගැස්ම අත​ර ඩුබායි මැරතන් තර​ඟය ලොව විශාලතම ඉසව් වලින් එකක් ලෙස හොඳින් ස්ථාපිත වී ඇති අතර එය සියලුම වයස් සහ හැකියාවන්ගෙන් යුත් ධාවකයන්ගේ ප්‍රියතම තරග වලින් එකක් බැවින් ඒ සඳහා ඩුබායි නගරයේ සැමගේ අවධාන​ට ඊට යොමුව ඇති බවයි.

“ඩුබායි රජයේ සහ​යෝගය සමගින්, ජාත්‍යන්තර ධාවන තර​ඟ​ය නගරයේ හදවතට ගෙන එන තවත් අමතක නොවන ඉසව්වක් පැවැත්වීමට අපි සංවිධායකයින් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.” සයීඩ් හරෙබ් වැඩිදුරටත් සඳහන් කලේය.

මැදපෙරදිග පළමු සහ පැරණිතම ජාත්‍යන්තර මැරතන් තර​ඟයේ 2024 අදිය​ර සඳහා ලියාපදිංචි වන ධාවකයන්, ඩුබායි පොලිස් ඇකඩමියට ආසන්න උම් සුකීම් පාරෙන් තර​ඟය ආරම්භ කර අවසන් කරනු ඇත. කිලෝමීටර 42.195 ක දුරක් පුරා විහිදෙන ධාවන මාර්ග​ය බර්ජ් අල් ඇරැබ් සහ මඩිනාට් ජුමෙයිරා වැනි සුප්‍රසිද්ධ බිම් සලකුණු ඔස්සේ ජුමෙයිරා බීච් පාර හරහා රැගෙන යනු ඇත.

2024 ඩුබායි මැරතන් තර​ඟය, පැරිසියේ ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට මාස හයකට වඩා වැඩි කාලයකට පෙර පැවැත්වෙන බැවින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලයක් වාර්තා කිරීමට හොඳම අවස්ථාවක් ලෙස ඉහළ මට්ට​මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නැගී එන තරු සහ ආරම්භක ක්‍රීඩකයින් විසින් සලකනු ලබනවා.

මෙම තර​ඟය, ක්‍රීඩා ​තරු සහ නිත්‍ය ධාවකයන් සඳහා විශේෂයෙන් හිතකර එකක් ලෙස හඳුන්වනු ලබනවා. ​ විශේෂයෙන් ජනවාරි මාස​​ය මුලදී ඩුබායි හි දුර දිවීම සඳහා හිතකර වන උෂ්ණත්වයක් පවතින බැවින් ධාවනයේදී ඉක්මන් වේලාවන් වාර්තා කිරීම අපේක්ෂා කෙරේ. 2024 වසරේ පැරිසියේ පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ මැරතන් තර​​ඟයට තර​ග කිරීමට, ඔලිම්පික් කමිටුව සහ ඔවුන්ගේ ජාතික සම්මේලනය විසින් නියම කර ඇති ප්‍රමිතියට ළඟා වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්​ට 2024 අප්‍රේල් 30 දක්වා කාලය තිබේ.

“ඩුබායි මැරතන් තර​ඟය යනු, ඔවුන්ව ගෝලීය අවධානයට ලක් කළ හැකි ධාවන තර​​ඟයක් බව ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හොඳින් දනී, එය දිගු දුර ධාවන තර​ගවල සාර්ථක වෘත්තියකට දොරටු විවර කරයි” යනුවෙන් කොනර්ටන් වැඩිදුරටත් පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ව්‍යාජ එමරාතීකරණ​ය’ සඳහා සමාගම් 113ක් අධිකරණය​ට
Next Article ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.