රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව ඇත. මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක් ඇති වනු ඇති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය කියා සිටියි. ජපානයේ, හචිජෝජිමා දූපතට සුනාමි රළ පහරක් පැමිණ තිබේ. ඒ, පිලිපීනයේ, මින්දනාඕ ප්‍රදේශයේ ඇති වූ මැග්නිටියුඩ් 7.5 ක ප්‍රබල භූ කම්පනයත් සමගයි.

සෙන්ටිමීටර 40 ක පමණ උස රළ පහරක් එලෙස ගොඩබිමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වල සඳහන්. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරිමත් සමග එම දූපතේ වෙරළාසන්නව සිටි වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ජපන් බලධාරින් කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත. මුහුදේ යාත්‍රා කරමින් සිටි පිරිස්වලට ද නැවත දැනුම් දෙනතුරු ගැඹුරු මුහුදු කලාපයේම රැදී සිටින්නැයි දන්වා ඇතැයි සඳහන්ය.

පිලිපීනයේ ඇතැම් ජන ශූන්‍ය ප්‍රදේශවලට ද සුනාමි රළ පහර සුළු වශයෙන් පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ වන විට භූ කම්පනයෙන් පැවති සුනාමි අවදානම පහව ගොස් ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.

Share.

Comments are closed.