අබුඩාබිහි තිරසාරභාවය සහ නවෝත්පාදන කේන්ද්‍රස්ථානය වන Masdar City, කලාපයේ පළමු තිරසාර මුස්ලිම් පල්ලිය ගොඩනැගීම 2024 දී ආරම්භ කරන බව නිවේදනය කොට තිබෙන අතර එය අවසන් කරන දිනය ඉදිරි මාසවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
වර්ග මීටර් 2,349කින් යුත් පල්ලිය, වන්දනාකරුවන් 1,300ක් සඳහා ධාරිතාවයෙන් යුක්ත වන අතර, වසර පුරාවට එයට අවශ්‍ය වන බල ශක්තියෙන් 100%ක් ස්ථානීය සූර්ය පැනල වර්ග මීටර් 1,590 ක් භාවිතයෙන් නිපදවනු ඇත.
පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන වාස්තු විද්‍යාත්මක ප්‍රවේශයක් භාවිතා කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව ගොඩනැගෙන මෙම මුස්ලිම් පල්ලියේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවය 35% කින් අඩු කෙරෙන බව Masdar City නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“අපි ශුද්ධ ශුන්‍ය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් නිර්මාණය කර ඇතත්, මෙය අපට සහ මට පෞද්ගලිකව විශේෂ වැදගත්කමක් ඇත්තේ විශේෂයෙන් අපි එය, COP28 අතරතුර ප්‍රකාශයට පත් කරන බැවිනි,” Masdar City හි තිරසාර සංවර්ධන විධායක අධ්යක්ෂ මොහොමඩ් අල් බ්‍රේකි පැවසීය.
“එය රැස්වන ස්ථානයක්, ප්‍රජා කේන්ද්‍රස්ථානයක් හෝ නමස්කාර මධ්‍යස්ථානයකට වඩා වැඩි දෙයක් ලබාදෙනු ඇත. එය මිනිසුන්ව සංස්කෘතික, අධ්‍යාත්මික සහ පාරිසරික ගමනකට රැගෙන යනු ඇත, පෘථිවියේ වගකිවයුතු භාරකරුවන් ලෙස අපගේ කැපවීමේ ප්‍රබල සංකේතයක් ලෙස සේවය කරයි. මෙම පල්ලිය ප්‍රජාවට අපගේ තෑග්ගයි. අල් බ්‍රේකි පැවසීය.
මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ව්‍යුහය මූලික වශයෙන් රළු පොළවකින් සාදනු ලබන අතර, වහලය මත ඇති තට්ටු ජනේල මාලාවක් මඟින් ස්වාභාවික ආලෝක රටා වලින් අවකාශය ආලෝකමත් කිරීමට ඉඩ සලසයි.