එමීර් රාජ්‍යයේ ජනතාව සඳහා 2024 වසරේ ජනවාරි මස මුල් දිනවලදී දිගු නිවාඩුවක් අත්විඳීමට අවස්ථාව ලැබී තිබේ. මෙම නිවාඩුව සාමාන්‍යයෙන් දෙසැම්බර් 30 සෙනසුරාදා ආරම්භ වී දෙසැම්බර් 31 ඉරිදා අවසන් වේ. නමුත් එළඹෙන ජනවාරි 1 සඳුදා පලමු රජයේ නිවාඩුව වන නිසා එම දිනයද මීට ඇතුළත්ය. ඒ අනුව ජනවාරි 2 වන  අඟහරුවාදා නැවත රැකියාවට යාමට පෙර වැඩ කරන ජනතාවට දිගු විවේකයක් ලබා දේ.

මෙම දීර්ඝ සති අන්තය පැමිණෙන්නේ එමීර් රාජ්‍යයේ ජාතික දින නිවාඩුවෙන්  කලක් ගතවීමෙන් අනතුරුවය. පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දෙසැම්බර් 2 සිට 4 දක්වා දින තුනක සති අන්තයක් හිමි වුණි.  එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය දැනටමත් රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයටම රජයේ නිවාඩු දින කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත. අලුත් අවුරුදු දිනය, ඊද් අල්-ෆිතර්, අරෆත් දිනය, ඊද් අල්-අදා, ඉස්ලාමීය අලුත් අවුරුද්ද, මුහම්මද් නබි (සල්) තුමාගේ උපන් දිනය සහ ජාතික දින නිවාඩු වැනි වැදගත් දිනයන් ඊට ඇතුළත් වේ. ඇතැම් ඉස්ලාමීය නිවාඩු දින චන්ද්‍ර දර්ශනය මත රඳා පවතින අතර, ඒවායේ නිශ්චිත දිනයන් දින දෙකේ සිට තුන දක්වා වෙනස් විය හැකි බවද සඳහන්‍ ය.

Share.

Comments are closed.