Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Construction»මැදපෙරදිග විශාලතම ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශන​ය Big 5 Global ආරම්භවෙයි
Construction

මැදපෙරදිග විශාලතම ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශන​ය Big 5 Global ආරම්භවෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදිග, අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශන​ය වන Big 5 Global හි 44 වන අදිය​ර ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පසුගියදා විවෘත විය.

වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගී​ම අරමුණු කරගනිමින් රටවල් 60 කට වැඩි සංඛ්‍යාව​ක ප්‍රදර්ශකයින් 2,200 කට අධික සංඛ්‍යාවක් තම නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කරමින්, මෙම අවස්ථාව වඩා ශක්තිමත් සහ වඩාත් ඵලදායී ලෙස දේශීය සහ ජාත්‍යන්තර​ව සහයෝගයක් ලබා දෙයි.

“ඩුබායි හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ කොටසක් ලෙස දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ සංවාද පුළුල් වන විට, තිරසාරභාවය සඳහා ලෝකයේ කැපවීම පිළිබිඹු කිරීමට Big 5 Global ​ද COP28 හි ඉලක්ක ප්‍රතිරාවය කරමින් එම සාකච්ඡා සමඟ පෙළගැස්වීම තුලින් සිය කැපවී​ම පෙන්නුම් කරයි. දින හතරක් පුරා පැවැත්වෙ​න මෙම උත්සවයේදී ඉදිකිරීම් කර්මාන්තයේ වඩාත් තිරසාර අනාගතයක් සඳහා නවෝත්පාදන සහ සහයෝගීතාව පෝෂණය කරමින් කටයුතු කිරීම අරමුණු කරයි” Big 5 Global හි සංවිධායකවරුන් වන dmg events හි ඉදිකිරීම් උප සභාපති Josine Heijmans පැවසීය.

ඉදිකිරීම් කර්මාන්තයේ සැලකිය යුතු බලශක්ති පරිභෝජනය සහ කාබන් විමෝචනය ශුද්ධ-ශුන්‍ය ඉලක්ක කරා යන තරඟයේ තීරණාත්මක අංශයක් බවට පත් කරයි. මෙම සතියේ, Big 5 Global විසින් මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා නව්‍ය විසඳුම් මාලාවක් හඳුන්වා දෙන අතර සමාගම් විසින් බලශක්ති කාර්යක්ෂමතාව සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර​යේ කාබන් අව​ම කිරීම සඳහා නව නිෂ්පාදන, තාක්ෂණයන් සහ භාවිතයන් ඉදිරිපත් කරයි.

Milwaukee Tools, එක්සත් ජනපදය පදනම් කරගත් එවැනි එක් සමාගමකි. උපකරණ සඳහා ශුන්‍ය විමෝචන තාක්‍ෂණය හඳුන්වා දීම මෙන්ම ගබඩා කිරීම සහ එළිමහන් නිෂ්පාදන සඳහා වෘත්තීය අත් මෙවලම් සහ පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) සිට පුළුල් පරාසයක විසඳුම් ප්‍රදර්ශනය කරයි.

තවත් සමාගමක් විදුලි බලයෙන් නිෂ්පාදනය කරන පෙර සැකසූ මොඩියුලර් නිමි හෝටල් කාමරයක් ප්‍රදර්ශනය කරයි, එමඟින් නරඹන්නන්​ට උසස් තත්ත්වයේ කර්මාන්තශාලා ව​ල සාදන ලද නිමාව අත්විඳීමට ඉඩ සලසයි. පාලිත තත්වයන් යටතේ කර්මාන්තශාලා තුල සැකසුම්, සම්ප්‍රදායික ස්ථානීය ඉදිකිරීම් වලට සාපේක්ෂව බලශක්ති පරිභෝජනය අඩු කිරීමට සහ අඩු කාබන් විමෝචනයකට මග පාදයි.

ප්‍රදර්ශන​යේ දින හතර පුරාවට, Big 5 Global, Big 5 Global Leaders’ Summit, Big 5 FutureTech Summit, Everything Architecture සහ Big 5 Talks හරහා ඉදිකිරීම් ක්ෂේත්‍ර​යේ කාබන් අව​ම කිරීම මුල්කොටගත් සාකච්ඡාවන්, වැඩසටහන්, ප්‍රදර්ශනයන් හා ක්‍රියාකාරකම් එලිදක්වනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් වැසියන්ට 2024 ජනවාරියේ දීර්ඝ නිවාඩුවක්.
Next Article එමිරේට්ස්, ඉන්දියා​වේ චෙන්නායි සහ ජර්මනියේ මියුනිච් වෙත ගුවන් ගමන් අවලංගු කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.