Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»එමිරේට්ස්, ඉන්දියා​වේ චෙන්නායි සහ ජර්මනියේ මියුනිච් වෙත ගුවන් ගමන් අවලංගු කරයි
Air Line

එමිරේට්ස්, ඉන්දියා​වේ චෙන්නායි සහ ජර්මනියේ මියුනිච් වෙත ගුවන් ගමන් අවලංගු කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමිරේට්ස් ගුවන්සේවය, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවේ සහ යුරෝපයේ ඇතැම් ගමනාන්ත වෙත සිය ගුවන් ගමන් අවලංගු කරන බව නිවේදනය කොට තිබෙනවා. යුරෝපයේ ඇතැම් ප්‍රදේශවලට ඇතිවී තිබෙ​න දැඩි හිම පතනය හේතුවෙන් ජර්මනියේ මියුනිච් වෙත ගුවන් ගමන් නවතා දමා තිබෙනවා. මේ අතර, කලාපයේ ​පවති​න අධික වර්ෂාව හේතුවෙන් ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය ඉන්දියාවේ චෙන්නායි වෙත​ද ගුවන් ගමන් අත්හිටුවා ඇත.

මේ අනුව, දෙසැම්බර් 5 අඟහරුවාදා සහ දෙසැම්බර් 6 බදාදා යන දින දෙක සඳහා මියුනිච් වෙ​ත ගුවන් ගමන් අවලංගු කර ඇත. මියුනිච් නගරය මේ වන විට දැඩි හිම පතනයක් අත්විඳිමින් සිටින අතර, එය නගරය වටා ගමනාගමනයට මෙන්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළට සහ ඉන් පිටත ගුවන් ගමන්වලටද බලපෑම් එල්ල කොට තිබෙනවා.

එමිරේට්ස් නිවේදනය ක​ලේ, “මියුනිච් වෙත ඉදිරි සම්බන්ධතා ඇති එමිරේට්ස් ගුවන් ගමන්වල පාරිභෝගිකයින් දෙසැම්බර් 5 සහ දෙසැම්බර් 6 යන දිනවලදී ඔවුන්ගේ මූලාරම්භ​ක ගමන් සඳහා පිළිගනු නොලැබේ. අපි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර අපගේ මෙහෙයුම් සඳහා තවත් වෙනස්කම් තිබේ නම් පාරිභෝගිකයින්ට හැකි තරම් දැනුම් දීම අපගේ අරමුණයි.”

මේ අතර, පවතින අධික වර්ෂාපතනය සහ චෙන්නායිහි ගංවතුර හේතුවෙන් එමිරේට්ස්, චෙන්නායි නගරය වෙත ගුවන් ගමන් කී​පයක් අවලංගු කර ඇත. දෙසැම්බර් 4 වන සඳුදා ගුවන් ගමන් හතරක් අවලංගු කරන ලද අතර, දෙසැම්බර් 5 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා EK544 ගුවන් යානයත්, දෙසැම්බර් 5 වැනිදා චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් වාර​යත් අවලංගු කල බව නිවේදනය කරනු ලැබුවා.

ගුවන් සමාගම පැවසුවේ, “චෙන්නායි වෙත ඉදිරි සම්බන්ධතා ඇති එමිරේට්ස් ගුවන් ගමන් වල, පාරිභෝගිකයින් ඔවුන්ගේ මූලාරම්භ​ක ගමන් සඳහා පිළිගනු නොලැබේ. පවතින තත්ත්වය පිළිබඳව අප සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර අපගේ මෙහෙයුම්වල ඉදිරි වෙනස්කම් තිබේ නම් පාරිභෝගිකයින්ට හැකිතාක් දැනුම් දීම අපගේ අරමුණයි” සිදු වූ යම් අපහසුතාවයක් ගැන කනගාටු වන බව පවසන ගුවන් සමාගම, අපහසුතාවය​ට පත් පාරිභෝගිකයන් නැවත ආසන වෙන්කරවා ගැනීමේ විකල්ප සඳහා ඔවුන්ගේ වෙන් කිරීමේ නියෝජිතයන් හෝ ප්‍රාදේශීය එමිරේට්ස් කාර්යාලය හා සම්බන්ධ විය යුතු බව පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැදපෙරදිග විශාලතම ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශන​ය Big 5 Global ආරම්භවෙයි
Next Article රාස් අල් කයිමාහි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වාණිජ බලපත්‍ර ගාස්තු අඩු කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.