COP28 දේශගුණ සමුළුවේදී ලෝක නායකයින් සහ ව්‍යාපාරිකයන් තිරසාරත්ව​ය සඳහා ය​න ගමන අනුගමනය කරමින්, ඩුබායිහි ආබර් පාසල ද හරිත අනාගතයක් කරා පියවරක් තබමින් සිය පාසල් බස් ඇණිය බයෝඩීසල් වෙත මාරුවීම සිදුකොට තිබෙනවා. ඒ සඳහා, ජෛව ඩීසල් බෙදාහරින්නා වන Neutral Fuels සහ STS සමූහයේ සහයෝගීතාවයෙන්, පාසල විසින් එහි බස් රථ 20 ක ඇණිය සඳහා B20 ජෛව ඩීසල් ලීටර් 6,000 ක ටැංකියක් පාස​ලේ ස්ථාපිත කර ඇත.

ආබර් පාසලේ බස් රථ සඳහා මීට පෙරදී යොදාගත් ෆොසිල ඩීසල් වෙනුවට මින් ඉදිරියට B20 ජෛව ඩීසල් වෙත මාරු වෙනු ඇති අත​ර එහි අන්තර්ගතයේ අනුපාත​ය වන්නේ 20%ක් ජෛව ඩීසල් ස​හ 80% ෆොසිල ඩීසල් වේ. තිරසාර පාසල් සන්ධාන​යේ (TASS) සම-නිර්මාතෘ ඇන්තනි ඩික්සන් පැවසුවේ මෙම වෙනස මගින් පාසලේ කාබන් පියසටහන වාර්ෂිකව ටොන් 40 කින් කපා හරින බවයි.

දැනට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාසල් බස් රථ සෑම වසරකම කාබන් ඩයොක්සයිඩ් ටොන් 156,000ක් පරිසරයට විමෝචනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම පාසල් ෆොසිල ඩීසල් සිට සිට B20 ජෛව ඩීසල් වෙත මාරුවීම අනුගමනය කළේ නම්, වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 26,000 ක අඩුවීමක් ​දක්වා ලඟාවිය හැකි බව ඩික්සන් මහතා පැවසීය.

ආහාර, විලාසිතා, පහසුකම් සහ ඉන්ධන ඇතුළු විවිධ පැතිවලින් කාබන් පියසටහන අවම කිරීමට ආබර් පාසලේ කැපවීම විදුහල්පති බ්‍රෙට් ගිවර්න් විසින් ඉස්මතු කරන ලදී. පාසලට ස්ථානීය ගොවිපලක්, තිරසාර නිල ඇඳුම් සහ කාබන් ඩයොක්සයිඩ් සහ දූෂක විමෝචනය අවම කිරීම සඳහා ජල සංරක්ෂණය භාවිතා කරයි. ආබර් පාසලේ සිසුන් පාසල අවට වාතයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ මුලපිරීම් සඳහා සක්‍රියව සම්බන්ධ වේ.

Share.

Comments are closed.