එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කල  සාමාජික රාත්‍රිය පසුගියදා crown plaza, Deira හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස එමීර් රාජ්‍යයේ ලංකා තානාපති H.E. උදය ඉන්ද්‍රරත්න සහ ඩුබායි හා උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර යන මහත්වරුන් සහභාගී වූහ.

මෙහිදී ජේෂ්ඨ බැංකු නිලධාරීන් කීප දෙනෙකුට ඔවුන්ගේ සේවාව වෙනුවෙන් ඇගයීමක් සිදු කල අතර බැංකු සාමාජිකයින් වෙනුවෙන් සංගීත හා විනෝදාස්වාද අංග කීපයක් සමඟින් එදින රාත්‍රිය වර්ණවත් විය.

Share.

Comments are closed.