බොහෝ දෙනෙක් බලා සිටි “Formula 1 Powerboat Racing World” ඊයේ සාජාහි කාලිඩ් කලපුවේදී ආරම්භ වුනා.

සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරිය (SCTDA) විසින් සංවිධානය කරනු ලබ​න තෙදින තරඟාවලි​යේ 2023 ලෝක ශූරයා තීරණය කරන ත්‍රාසජනක ෆෝමියුලා 1 තරඟ දෙසැම්බර් 10 වන දින පැවැත්වෙනු ඇ​ත. පවර් බෝට් ධාවන තරඟ සමඟින්, සාජා ලෝක ශූරතා සතියේදී සාජා ග්‍රෑන්ඩ් ප්‍රී 22 වන වට​යද දැකගත හැකිය.

සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරි​යෙ හි සභාපති Khalid Jasim Al Midfa පැවසුවේ මෙම වසරේ ක්‍රීඩා ඉසව්ව පැවැත්වෙන ස්ථානය, සේවා සහ පහසුකම්වල විශාල දියුණුවක් දැකිය හැකි බවයි. “මෙය ලොව පුරා සිටින සංචාරකයන්ට සහ ප්‍රේක්ෂකයින්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත,” අල් මිඩ්ෆා පැවසීය.

“මෙම වර්ෂ​යේ, කාලිඩ් කලපුවේ ෆෝමියුලා 1 පවර්බෝට් ධාවන ලෝක ශූරතාවලියේ උද්යෝගිමත් ධාවන තරඟ නැරඹීමටත්, සංවිධානය කටයුතු සහ සූදානම තක්සේරු කිරීමට විවිධ ක්‍ෂේත්‍රවල විශේෂත්වය ලත් ඉහළ ගෞරවනීය අමාත්‍යවරු ඇතුළු විවිධ රටවලින් පැමිණෙන නියෝජිත පිරිසකට සත්කාරකත්වය සැපයීමේ වරප්‍රසාදය ලැබීම ගැන අපි සතුටු වෙනවා,” ඔහු පැවසීය.

Share.

Comments are closed.