ඩුබායි, සිය ප්‍රථම නේවාසික ඔරලෝසු කණුව ගොඩනැගීමට සූදානම් වන අතර එය ලොව උසම නේවාසික ඔරලෝසු කණුව බවට පත්වන බව ගොඩනැගිල්ලේ සංවර්ධකයින් පසුගි​යදා නිවේදනය කළහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුපිරි දේපල සංවර්ධකයෙකු වන ලන්ඩන් ගේට් සහ ඩුබායිහි ස්විට්සර්ලන්ත සුඛෝපභෝගී ඔරලෝසු නිෂ්පාදකයා වන ෆ්‍රෑන්ක් මුලර් අතර සහයෝගීතාවය සනිටුහන් කිරීමේ උත්සවයකදී මෙම ව්‍යාපෘතිය එළිදක්වන ලදී.

ඩුබායි මරීනාහි මීටර් 450 ක උසකින් යුත් අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතිය, ලොව උසම නේවාසික කුළුණ ලෙස එහි සලකුණ තැබීමට සූදානම් වේ.

ලන්ඩන් ගේට් හි ප්‍රධාන විධායක නිලධාරී Eman Taha පැවසුවේ, “අප විකුණා අවසන් වූ ව්‍යාපෘති වන Maya 5, Nadine 1 සහ 2 සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේපළ වෙළඳපොළට අපගේ මංගල පිවිසීමෙන් පසුව, අපි දැන් ප්‍රකට ඔරලෝසු නිෂ්පාදක ෆ්‍රෑන්ක් මුලර් සමඟ සහයෝගයෙන් අපගේ විශිෂ්ටතම ව්‍යාපෘතිය එළිදක්වන්නෙමු. අපගේ නවතම ව්‍යාපෘතිය සමඟින්, අපි ෆ්‍රෑන්ක් මුලර්ගේ ප්‍රථම සන්නාමගත වාසස්ථාන​ය ගෙන එන්නෙමු. මෙම හවුල්කාරිත්වය සමඟින්, අපි ලන්ඩන් ගේට් සහ ෆ්‍රෑන්ක් මුලර් යන දෙඅංශයේම සන්නාම වටිනාකම් සහ දැක්ම පිළිබිඹු කරන ජීවන අත්දැකීමක් නිර්මාණය කිරීමට ඉලක්ක කරමු. කුළුණ Aeternitas ලෙස නම් කර ඇත්තේ ෆ්‍රෑන්ක් මුලර්ගේ ඔරලෝසුවක නාම​ය අනුවය.

ෆ්‍රෑන්ක් මුලර්හි කළමනාකාර අධ්‍යක්ෂ එරෝල් බලියන් පැවසුවේ “ලන්ඩන් ගේට් සමඟ ඇති මෙම හවුල්කාරිත්වය සමඟ මැදපෙරදිග සේවාවන් පුළුල් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. සන්නාම විශිෂ්ටත්වයේ උරුමය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට ගෙන ඒම සඳහා අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාමගත නේවාසික වෙළඳපොළ උපායමාර්ගිකව ගවේෂණය කරමින් සිටිමු. ලෝකයේ වඩාත්ම විචිත්‍රවත්, සුඛෝපභෝගී සහ සංවර්ධිත නගරවලින් එකක් ලෙස ප්‍රසිද්​ධ ඩුබායි වැනි ලෝක මට්ටමේ නගරයක ෆ්‍රෑන්ක් මුලර්ගේ ප්‍රථම දේපළ වෙළඳාම් සහයෝගීතාව දියත් කිරීම ඇදහිය නොහැකිය. මෙය අපගේ සන්නාමය සඳහා නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි. ෆ්‍රෑන්ක් මුලර් සඳහා වාර්තාගත උරුමයක් හඳුන්වා දීමට අපි සතුටු වෙමු – එය ගෝලීය වශයෙන් දිග හැරෙන බොහෝ සුවිශේෂී ව්‍යාපාරවලින් පළමුවැන්න වනු ඇත. ”

සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතිය 2024 ජනවාරි මාසයේදී නිල වශයෙන් එළිදක්වන අතර පදිංචිකරුවන්ට 2026 වන විට භාරදීම​ට අපේක්ෂා කෙ​රේ.

Share.

Comments are closed.