එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඔබ, පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්වීමට නම් ඔබ රටෙහි පදිංචි වීසා බලපත්‍රයක් මත සිටින බවට මුලින්ම සහතික විය යුතුය. මෙය ඔබගේ සේවායෝජකයා විසින් අනුග්‍රහය දක්වන රැකියා වීසා බලපත්‍රයක් හෝ Green Visa, Investor Visa හෝ Golden Visa වැනි ස්වයං අනුග්‍රහය දක්වන වීසා බලපත්‍රයක් විය හැක.

ඔබ ඔබේ වීසා බලපත්‍රය ලබා ගත් පසු, ඔබට ඔබේ පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්විය හැක. කෙසේ වෙතත්, ඔබේ පවුලේ සාමාජිකයින්ට අනුග්‍රහය දැක්වීම සඳහා සුදුසුකම් ලැබීමට ඔබ සපුරාලිය යුතු ඇතැම් අවශ්‍යතා තිබේ.

මතක තබා ගත යුතු අවශ්‍යතා නවයක්:

1. විදේශි​ක පදිංචිකරුවන්ට වලංගු පදිංචි බලපත්‍රයක්/වීසා බලපත්‍රයක් තිබේ නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි වීමට අනුග්‍රහය දැක්විය හැක.

2. අනුග්‍රාහකයාට අවම වශයෙන් ඩිරාම් 4,000 හෝ ඩිරාම් 3,000 ක වැටුපක් සහ නවාතැන් පහසුකම් තිබිය යුතුය. විදේශි​ක ශ්‍රමිකයෙකුට, තම පවුලේ වීසා සඳහා අනුග්‍රහය දැක්වීමේදී වෘත්තිය කුමක්ද යන්​න තවදුරටත් කොන්දේසියක් නොවේ.

3. වයස අවුරුදු 18 ට වැඩි පිරිමි සහ ගැහැණු පවුලේ සාමාජිකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනුමත සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍ය යෝග්‍යතා පරීක්ෂණවලට භාජනය වී සමත් විය යුතුය. වෛද්‍යමය වශයෙන් නුසුදුසු පුද්ගලයින්ට පදිංචි වීසා බලපත්‍රයක් ලබා නොදේ. අක්‍රිය පෙනහළු හෝ ක්ෂය රෝගය ඇති බව හඳුනා ගන්නා වැසියන් ද වෛද්‍යමය වශයෙන් සුදුසු යැයි සලකනු ලබන අතර අදාළ සෞඛ්‍ය අධිකාරියේ ප්‍රතිකාර හා පසු විපරම්වලට යටත්ව වසරක ‘පදිංචිය සඳහා සෞඛ්‍ය යෝග්‍යතා සහතිකය’ ප්‍රදානය කෙරේ.

4. ඇතුල්වීමේ බලපත්‍රයක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වූ පසු, නේවාසික අනුග්‍රාහකයෙකුට ඔහුගේ හෝ ඇයගේ යැපෙන්නන්ගේ පදිංචි වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට දින 60ක කාලයක් ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපත ලබන ළදරුවන් සඳහා, ඔහුගේ හෝ ඇයගේ උපතෙන් දින 120ක් ඇතුළත පදිංචි වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුය.

5. ඔබේ දෙමාපියන්ට අනුග්‍රහය දැක්වීමෙදී, ඔබ දෙදෙනා​ටම එකට අනුග්‍රහය දැක්විය යුතුය. දෙමව්පියන් දික්කසාද වී ඇත්නම් හෝ දෙමාපියෙකු මිය ගොස් ඇත්නම්, දෙමව්පියන්ගෙන් එක් අයෙකුට පමණක් අනුග්‍රහය දැක්වීම සඳහා අදාළ නිල ලේඛන අවශ්‍ය වේ.

6. දෙමාපියන්ට අනුග්‍රහය දක්වන විට, අනුග්‍රාහකයාගේ වීසා බලපත්‍රයේ කාලසීමාව නොසලකා වාර්ෂික පදනමින් පදිංචි වීසා බලපත්‍රය ලබා දෙනු ඇත. ඔබගේ වීසා බලපත්‍රය නිකුත් කර ඇති එමීර් ප්‍රදේශයේ රාජ්‍ය ආගමන දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති පරිදි වැටුප් අවශ්‍යතාවයද ඔබ සපුරාලිය යුතුය.

7. විදේශි​ක පදිංචිකරුවෙකුට, තම දියණියට අනුග්‍රහය දැක්විය හැක්කේ ඇය අවිවාහක නම් පමණි. ඇයගේ වයස සම්බන්ධයෙන් කිසිදු සීමාවක් නොමැත.

8. පිරිමි හෝ ගැහැණු පදිංචිකරුවෙකුට, ඔහුගේ හෝ ඇයගේ පුතාට වයස අවුරුදු 25 දක්වා අනුග්‍රහය දැක්විය හැක. පුතා ආභාධි​ත පුද්ගලයෙක් නම්, ඔහුගේ වයස සම්බන්ධයෙන් කිසිදු සීමාවකින් තොරව ඔහුට අනුග්‍රහය දැක්විය හැකිය.

9. විදේශි​ක පදිංචිකරුවෙකුට, එමීර් ප්‍රදේශයේ ආගමන දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති කොන්දේසි වලට යටත්ව තම මුණුබුරන් සඳහා අනුග්‍රහය දැක්විය හැක.

නිදසුනක් වශයෙන්, ඩුබායි හි නේවාසික සහ විදේශිකයන්ගේ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂක කාර්යාලයී​ය (GDRFA-D) කොන්දේසි වලට අනුව, අනුග්‍රාහකයා සෑම දරුවෙකු සඳහාම මුදල් තැන්පතුවක් සහ නීත්‍යානුකූල දෙමව්පියන්ගෙන් විරෝධතාවයක් නොමැති බව​ට සහතිකයක් (NOC) ඉදිරිපක් ක​ළ යුතුය. ඔවුන්ගේ පදිංචි වීසා බලපත්‍ර වසරක් සඳහා වලංගු වන අත​ර වාර්ෂිකව අලුත් කළ හැකිය.

තම භාර්යාව සහ දරුවන්ට අනුග්‍රහය දැක්වීම සඳහා අවශ්‍ය ලියකියවිලි :

  • අයදුම් පත්‍රය – මාර්ගගතව හෝ ලියාපදිංචි යතුරු ලියන කාර්යාලයක් හරහා.
  • බිරිඳ සහ දරුවන්ගේ ගමන් බලපත්‍ර පිටපත්.
  • බිරිඳ සහ දරුවන්ගේ ඡායාරූප.
  • බිරිඳ සහ අවුරුදු 18ට වැඩි දරුවන් සඳහා වෛද්‍ය නිෂ්කාශන සහතිකය.
  • අනුග්‍රාහකයාගේ රැකියා කොන්ත්‍රාත්තුවේ හෝ සමාගම් කොන්ත්‍රාත්තුවේ පිටපතක්.
  • අනුග්‍රාහකයාගේ මාසික වැටුප සඳහන් කරමින් සේවායෝජකයාගේ වැටුප් සහතිකය.
  • අරාබි භාෂාවෙන් සහතික කරන ලද විවාහ සහතිකය හෝ සහතික ලත් පරිවර්තකයෙකු විසින් නිසි ලෙස අරාබි භාෂාවට පරිවර්තනය ක​ල විවාහ සහතිකය.
  • ලියාපදිංචි කුලී-නිවෙස් කොන්ත්‍රාත්තුව.

අවලංගු කිරීම

පදිංචි බලපත්‍ර අනුග්‍රාහකයා, පවුලේ සාමාජිකයන්ගේ පදිංචි බලපත්‍රයට සම්බන්ධ වේ. එබැවින් අනුග්‍රාහකයා​ගේ වීසා බලපත්‍රය අවලංගු කරන්නේ නම්, යැපෙන්නන්ගේ වීසා බලපත්‍ර​ද අවලංගු කිරීම අවශ්‍ය වේ.

යැපෙන්නන්ට, නව පදිංචි බලපත්‍රයක් ලබා ගැනීමට ඔවුන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට හෝ අවලංගු කළ දින සිට මාස හයක සහන කාලයක් ලබා දෙනු ලැබේ. අනුග්‍රාහකයා ඔහුගේ හෝ ඇයගේ යැපෙන්නන්ගේ වීසා බලපත්‍ර අලුත් කිරීමට හෝ අවලංගු කිරීමට අපොහොසත් වුවහොත් ඔහුට හෝ ඇයට දඩ මුදලක් ගෙවීමට සිදු විය හැකිය.

Share.

Comments are closed.