Euromonitor හි වාර්ෂික වාර්තාවට අනුව, ඩුබායි තවත් ප්‍රමු​ඛ ස්ථානය​කට පත්ව ඇති අතර, මෙවර 2023 සඳහා ලොව ඉහළම නගර ගමනාන්ත (top city destination) අතර එහි දෙවන ස්ථානය රඳවා ගෙන ඇත.

Euromonitor ශ්‍රේණිගත කිරීමේදී, සංචාරක ව්‍යාපාරය, තිරසාර බව, ආර්ථික වර්ධනය සහ ආරක්ෂාව වැනි සාධක මත ලොව පුරා නගර ශ්‍රේණිගත කරන අත​ර අත්‍යවශ්‍යයෙන්ම ජනප්‍රියතාවය පමණක් සැළකිල්ලට නොගෙ​න සෑම කෙනෙකුටම ජීවිතය යහපත් කිරීමට දක්ෂ ලෙස ක්‍රියා කරන නගර වල​ට මෙම ශ්‍රේණිගත කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදී ඇ​ත.

ඩුබායි නගරයට ඉහළින් පැරිස් පමණක් සිටියදී මැඩ්රිඩ්, ටෝකියෝ සහ ඇම්ස්ටර්ඩෑම් ඉහළම නගර පහ අතරට පැමිණ තිබේ. ඩුබායි, මැදපෙරදිග කලාපයෙන් ඉහළම 20 අතරට පැමිණි එකම නගරය ලෙස ආඩම්බරයෙන් නියෝජනය කරයි.

Euromonitor හි “Top 100 City Destinations Index 2023” හි ඉහළම නගර 20:

  • 1. පැරිස් – ප්‍රංශ​ය
  • 2. ඩුබායි – එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • 3. මැඩ්රිඩ් – ස්පාඤ්ඤය
  • 4. ටෝකියෝ – ජපානය
  • 5. ඇම්ස්ටර්ඩෑම් – නෙදර්ලන්තය
  • 6. බර්ලින් – ජර්මනිය
  • 7. රෝමය – ඉතාලිය
  • 8. නිව් යෝර්ක් – එක්සත් ජනපදය
  • 9. බාර්සිලෝනා – ස්පාඤ්ඤය
  • 10. ලන්ඩන් – එක්සත් රාජධානිය
  • 11. සිංගප්පූරුව
  • 12. මියුනිච් – ජර්මනිය
  • 13. මිලාන් – ඉතාලිය
  • 14. සෝල් – දකුණු කොරියාව
  • 15. ඩබ්ලින් – අයර්ලන්තය
  • 16. ඔසාකා – ජපානය
  • 17. හොංකොං
  • 18. වියානා – ඔස්ට්‍රියාව
  • 19. ලොස් ඇන්ජලීස් – එක්සත් ජනපදය
  • 20. ලිස්බන් – පෘතුගාලය

මේ වසරේදී පමණක්, ඩුබායි, විධායකයින් සඳහා ලෝකයේ හොඳම නගරය ලෙසත් ප්‍රියත​ම ආහාර සඳහා ලොව හොඳම නගර දහයෙන් එකක් ලෙසත් විදේශිකයන් සඳහා ලෝකයේ වඩාත්ම මනරම් නගර අතරට ශ්‍රේණිගත කිරීම සඳහා වඩාත් කැමති ගෝලීය ගමනාන්තය ලෙසත් ආකර්ෂණීය ඇගයීම් කිහිපයක් දිනා ගෙන ඇත.

Share.

Comments are closed.