මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා වූ කටකතා විරෝධී සහ සයිබර් අපරාධ නීතිය (විශේෂයෙන්, 2021 අංක 34 දරන ෆෙඩරල් නියෝග නීතියේ 44 වැනි වගන්තිය) පිළිබඳ අබුඩාබි අධිකරණ අධිකාරිය (ADJD) පසුගියදා ප්‍රධාන තොරතුරු කිහිපයක් පැහැදිලි කළේය.

දැන් සැමට ප්‍රවේශ විය හැකි ස්මාර්ට් තාක්‍ෂණයන් සමඟින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිය සෑම විටම පදිංචිකරුවන්ගේ පුද්ගලික අවකාශයට සහ සීමාවන්ට ගරු කරන බවට වග බලා ගනී.

විශේෂයෙන්ම යමෙකුගේ කැමැත්තකින් තොරව, සංවාද පටිගත කිරීමට හෝ බෙදා ගැනීමට, අන් අයගේ ඡායාරූ​ප ගැනීමට සහ ගබඩා කිරීමට නොහැකි බ​ව අබුඩාබි අධිකරණ අධිකාරිය එහි දැනුවත් කිරීමේ ව්‍යාපාරයේදී පදිංචිකරුවන්ට මතක් කර දෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ යමෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන එවැනි වැරදි සුළුකොට නොතකයි. වෙනත් ක්‍රියාවන් ගණනාවක් මෙම උල්ලංඝනයන් යටතට වැටෙන අතර, වැරදිකරුවෙකුට අවම වශයෙන් ඩිරාම් 150,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩයක් සහ/හෝ අවම වශයෙන් මාස හයකට සිරගත කළ හැක.

උල්ලංඝනයන් වල​ට ඇතුළත් වන්නේ:

  • පුද්ගලයෙකුගේ අනුදැනුමකින් තොරව, අන්තර්ගතයන් අව්‍යාජ වුවත් ඔහු හෝ ඇ​ය පිළිබඳ පුවත්, පින්තූර, අදහස් හෝ පුද්ගලික තොරතුරු බෙදා ගැනීම.
  • පුද්ගලයෙකු සම්භන්​ධ සංවාද සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ​දේ පටිගත කිරීම, විකාශනය කිරීම හෝ හෙළිදරව් කිරීම
  • අනුමැතියකින් තොරව අනතුරට ලක්වූවන්, මියගිය හෝ අනතුරුවලට ගොදුරු වූවන්ගේ ඡායාරූප ගැනීම සහ ඒවා ප්‍රසිද්ධ කිරීම
  • පුද්ගලයෙකුගේ GPS ස්ථානය නිරීක්ෂණය කිරීම
  • හඬ සටහනක්, ඡායාරූපයක් හෝ දර්ශනයක් වෙනත් පුද්ගලයෙකු අපකීර්තියට පත් කිරීමේ හෝ අමනාප කිරී​මේ අභිලාෂයෙන් වෙනස් කිරී​ම

අවම දඬුවම වශයෙන් වසරක සිර දඬුවමක් සහ/හෝ ඩිරාම් 250,000 සිට ඩිරාම් 500,000 දක්වා දඩ මුදලක් දක්වා ඉහළ නැංවිය හැකි බව ADJD ප්‍රකාශ කරයි.

Share.

Comments are closed.