අබුඩාබි ප්‍රවාහන අධිකාරිය පසුගියදා නිවේදනය කළේ අබුඩාබිහි සියලුම පොදු බස් රථ සඳහා ගාස්තු ව්‍යුහයන් ඒකාබද්ධ කරන බවයි. ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (ITC) අනුව, නගර සහ තදාසන්න ප්‍රදේශ සඳහා මූලික බස් ගාස්තුව දැන් ඩිරාම් 2 ක් සහ කිලෝමීටරයකට ෆිල් 5 ක් බැගින් වේ – සම්පූර්ණ පිරිවැය ඩිරාම් 5 ​කට සීමා කර ඇත.

මධ්‍යස්ථානය පැහැදිලි කළේ, නගරයේ සිට තදාසන්න ප්‍රදේශවලට හෝ ආපසු ගමනේදී මගියෙකු තම අවසන් ගමනාන්තය වෙත ළඟා වීමට බස් රථ එකකට වඩා වැඩි ප්‍රමාණයක ගමන් කරන විට, ඔහුට තවදුරටත් ඩිරාම් 2​ක මූලික ගාස්තුව කිහිප වතාවක් ගෙවීමට සිදු නොවේ.

සංචාරය අවසානයේ ‘Hafilat’ ස්මාර්ට් කාඩ්පත් හරහා ගෙවිම් කලයුතු අතර, මගියා බසයට ගොඩවූ ස්ථාන​යේ සිට ඔහුගේ/ඇය අවසන් ගමනාන්ත​ය දක්වා පිරිවැය ගණනය කරනු ලබන බව ITC පවසයි.

කෙසේ වෙතත්, ‘නොමිලේ බස් රථ මාරු කිරීම’ කොන්දේසි තුනකට යටත් වේ:

  • මගියා සාධාරණ කාලයක් තුළ බස් රථය වෙනස් කළ යුතුය
  • වෙනස්කම් ගණන දෙවරක් නොඉක්මවිය යුතුය, එයින් අදහස් කරන්නේ උපරිම බස් රථ තුනක් භාවිතා කර ගමන අවසන් කළ යුතු බවයි.
  • මගියාගේ ගමන් මාර්ගය, ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනසක් නොවිය යුතුය.
Share.

Comments are closed.