Dubai Shopping Festival (DSF) පසුගිය සති අන්තයේ ආරම්භ වූ අතර, එහිදී සිල්ලර විකුණුම්, ආහාරපාන, දිනුම් ඇදීම්, විනෝදකාමී අවස්ථාවන් සහ ජනප්‍රිය JBRහි ඩ්‍රෝන් ප්‍රදර්ශනය ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් ගෙන එනු ලැබුවා.
නමුත් මෙම සති අන්තයේ සිට තවත් අංගයක් ඒ අතරට එක්වනු ඇති, ඒ දිනපතා ගිනිකෙළි සංදර්ශනයි. දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි 14 වැනිදා, Dubai Shopping Festival අවසන් වන තෙක් මාසයක් පුරාවට ඩුබායිහි ස්ථාන හතරක ගිනිකෙළි සංදර්ශන මගින් අහස්කුස ගිනිකෙළිවල වර්ණයන්ගෙන් ආලෝකමත් කෙරෙනු දැකගත හැකිය.
දෙසැම්බර් 15 සිට දෙසැම්බර් 24 දක්වා: ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල් හිදී
ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල්හි මෙම සිකුරාදා සිට නත්තල් දිනය දක්වා රාත්‍රී ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වෙනවා. සෑම රාත්‍රියකම රාත්‍රී 9 ට ජනප්‍රිය Imagine ආලෝකය සහ ලේසර් සංදර්ශනය සමඟ සංදර්ශනය අහස ආලෝකමත් කරනු ඇත.
සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වල දෙසැම්බර් 15 සිට දෙසැම්බර් 30 දක්වා: හත්තා හිදී
මෙම දෙසැම්බර් මස හත්තා උත්සවයේ කොටසක් ලෙස සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8 ට කඳු මුදුනේ අහස සිතුවම් කරමින් ආලෝකමත් ගිනිකෙළි සංදර්ශන පැවැත්වේ. මතකයේ තබාගත යුතු දිනයන් වනනේ: දෙසැම්බර් 15, 16 සහ 17, දෙසැම්බර් 22, 23 සහ 24, සහ දෙසැම්බර් 29 සහ 30 යන දිනයන්වේ.
දෙසැම්බර් 25 සිට ජනවාරි 4 දක්වා: අල් සීෆ් හිදී
ඩුබායි හි ඓතිහාසික දිස්ත්‍රික්කයේ නත්තල් දිනයේ සිට ජනවාරි 4 දක්වා රාත්‍රී 9 ට දෙසතියක් ගිනිකෙළි සංදර්ශණ පවත්වනු ඇත. එහි රාත්‍රියක් ගත කරනා අතරේ, නගරයේ සාම්ප්‍රදායික වංගු සහිත වීදිවල සැරිසරන්නට, පැරණි ඩුබායි හි රසයක් අත්විඳිනා අතරේ ගිනිකෙළි සමඟින්, නියොන් ආලෝකය යෙදූ අබ්රා මගින් ගංගාව හරහා යාත්‍රා කරන්නට අවස්ථාවක් උදාවේවි.
දෙසැම්බර් 31: Bluewaters and The Beach- JBR, Al Seef සහ Hatta හිදී
ඔබ JBR, Al Seef හෝ Hatta හි වසරේ අවසාන රාත්‍රිය ගත කරන්නේ නම්, ඔබට මධ්‍යම රාත්රියේදී සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශනයක් දැක ගැනීමට හැකි වනු ඇත. ස්ථාන තුනම 2024 දී ආකර්ෂණීය පයිරොටෙක්නික් සංදර්ශනයක් සමඟ පිළිගැනීමට පොරොන්දුවක් ලබාදේ.
ජනවාරි 5 සිට 14 දක්වා: Bluewaters and The Beach – JBR හිදී
ජනවාරි 5 සිට ජනවාරි 14 Dubai Shopping Festival අවසානය දක්වා, රාත්‍රී 8 ට සහ රාත්‍රී 10 ට අලංකාර ඩ්‍රෝන සංදර්ශනක් සහ සෑම දිනකම රාත්‍රී 9 ට JBR සහ Bluewaters හි ගිනිකෙළි දැක ගත හැකිය.