Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Burj Khalifa ගිනිකෙළි සංදර්ශන සමීපව දකින්නට එක් රාත්‍රියක් සඳහා ඩිරාම් 80,000ක්  
Events

Burj Khalifa ගිනිකෙළි සංදර්ශන සමීපව දකින්නට එක් රාත්‍රියක් සඳහා ඩිරාම් 80,000ක්  

Stanly KularathnaBy Stanly KularathnaDecember 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉඩම් හිමියන් සහ දේපළ වෙළඳාම් නියෝජිතයන්ට අනු​ව, නව අවුරුදු උදාවේ Burj Khalifaහි සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශන ව​ල දසුන් සහිත සුඛෝපභෝගී නිදන කාමර දෙකක මහල් නිවාසයක් එදින රාත්‍රියට ඩිරාම් 12,000 සිට ඩිරාම් 37,000 දක්වා ළඟා ​වේ.

එහෙත්, Booking.com හි ලැයිස්තුගත කර ඇති සුවිශේෂී පෙන්ට්හවුස් (ඉහලම මාලයක පිහිටි සුඛෝපභෝගී නවාතැනක්) එකක් එක් රාත්‍රියක් සඳහා ඩිරාම් 70,000 සිට ඩිරාම් 80,000 දක්වා කුලී ගාස්තු පෙන්නුම් කරයි.

2023 දෙසැම්බර් 30 සහ 2024 ජනවාරි 1 අතර කාලසීමා​වේ ඩිරාම් 30,000 සිට ඩිරාම් 50,000 දක්වා මිල ගණන් යටතේ කුලියට ගත හැකි සුඛෝපභෝගී මහල් නිවාස එම වෙබ් අඩවියේ අමතර ලැයිස්තුගත කිරීම්ව​ල දක්වයි.

Dubizle වැනි වර්ගීකරණය කරන ලද වේදිකාව​ල සහ Airbnb වැනි කෙටි කාලීන නවාතැන් විස්තර ලබාදෙ​න යෙදුම් වලට අනුව දැනටමත් වෙන් කර ඇති බොහෝ දේපල වලින් නිරීක්ෂණය වන්​නේ අලුත් අවුරුදු උදාව සැමරීමට බලාපොරොත්තු වන අයගේ පවතින සැලකිය යුතු උනන්දුවයි.

bnbme නිවාඩු නිවාසවල ප්‍රධාන විධායක නිලධාරී Vinayak Mahtani මාධ්‍ය වෙත පැවසුවේ, නගරයේ මිල ගණන් පසුගිය වසරට වඩා 20%-30% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. අප සතු නිදන කාමර හතරකින් යුත් පෙන්ට්හවුස් එකක් 31 වනදා රාත්‍රිය සඳහා ඩිරාම් 37,000 ට ලබා ගත හැකි අතර එමඟින් ඔබට ගිනිකෙළි පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා දේ. මෙය අවම වශයෙන් රාත්‍රී තුනක රැඳී සිටීමක් සමඟ පැමිණේ.

“පසුගිය වසරේ එම මහල් නිවාසයම ඩිරාම් 30,000 ක් වූ අතර මේ වසරේ එය වැඩි වේ. ශීත ඍතුවේ දී, මෙම මහල් නිවාසය රාත්‍රියකට ඩිරාම් 7,000 ක් පමණ ​වේ. අනෙකුත් නිදන කාමර හතරේ මහල් නිවාස රාත්‍රියකට ඩිරාම් 7,000 කින් පමණ මිළ ගනන් ආරම්භ වේ.

ඩවුන්ටවුන් අවට මහල් නිවාස සම්පූර්ණයෙන්ම වෙන් කර අවසන් බව නියෝජිතයන් පවසයි

Drehomes Real Estate හි Leads Management හි ප්‍රධානී Mostafa Hammad පැවසුවේ, “පසුගිය මාස කිහිපය තුළ, අපි විශේෂයෙන්ම නගර මධ්‍යයේ පවතින අවකාශයන් වෙන් කිරීමේ අභියෝගවලට මුහුණ දුන්නා. එය ඉතා මිල අධික වී ඇත. විශේෂයෙන්ම දැන් මෙම ප්‍රදේශවල වෙන් කිරීමට ස්ථානයක් නොමැති තරම්​ය. නොවැම්බර් මස අවසානයේදී නිදන කාමර හතරක මහල් නිවාසයක් සඳහා මසකට ඩිරාම් 160,000​ක ඉහළම අගය විය. මෙම විශේෂිත මහල් නිවාසයේ විශාල බැල්කනියක් සහ Burj Khalifa හි සෘජු දර්ශනයක් ලැබෙනු ඇත.

“අනෙකුත් කුඩා මහල් නිවාස ද Burj Khalifa දසුනක් සහිතව මසකට ඩිරාම් 140,000 සිට ඩිරාම් 130,000 දක්වා ගෙවා ඇත. අප සමාගම දිනපතා කුලිය නොගත්තද, මෙම මහල් නිවාසවලින් සමහරක් සඳහා දෛනික කුලිය ඩිරාම් 12,000 හෝ ඩිරාම් 12,500 ඉක්මවන බව මම දනිමි. මෙය අලුත් අවුරුදු උදාව ආසන්න වන විට පමණක් වැඩි වනු ඇත,” හමාඩ් වැඩිදුරටත් පැවසීය

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSharjah Shopping Festival අද ආරම්භවේ
Next Article අබුඩාබි ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක්.
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.