අබුඩාබිහි, මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), බස් රථ, පොදු වෙරළ තීරයන් සහ පොදු උද්‍යානයන්හි නොමිලේ Wi-Fi ආවරණයක් දියත් කර ඇති බව පසුගියදා නිවේදනය කලේ​ය.

මෙම නව මුලපිරීම සමඟින්, පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ඔවුන් අබුඩාබිහි බස් රථයක හෝ උද්‍යානයක හෝ කොතැනක සිටියත් අන්තර්ජාලය හරහා සම්බන්ධව සිටිය හැකිය.

මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), UAEහි සේවා සපයන්නන් සමඟ සහයෝගීව සපයනු ලබන මෙම මුලපිරීම මගින් අබුඩාබිහි පොදු උද්‍යාන ගනනාවක් ආවරණය කරයි. දැනට අබුඩාබියේ උද්‍යාන 19ක්, අල් අයින්හි 11ක් සහ අල් ධෆ්‍රා කලාපයේ 14ක් සඳහා නොමිලේ Wi-Fi ආවරණය සළසා ඇති අතර නොබෝදිනකින් අබුඩාබි කෝනිච් වෙරළේ සහ අල් බටීන් වෙරළේද මෙම සේවාවන් ස්ථාපිත කෙරෙනු ඇත.

DMT හි සභාපති Mohamed Ali Al Shorafa පැවසුවේ, “සියලු ස්ථාන හරහා සෑම කෙනෙකුටම සම්බන්ධතාවය සහතික කරමින් මෙම සේවාව පිරිනැමීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. IMD Smart City Index 2023 හි ගෝලීය නගර 141කින් 13 වන ස්ථානයට, අබුඩාබි ශ්‍රේණිගත කිරීම මගින් එහි විවෘතභාවය, නවෝත්පාදනය, ඇතුළත් කිරීම් සහ තිරසාරභාවය සඳහා අපගේ කැපවීම නැවත තහවුරු කරයි, ස්මාර්ට් නගර සංවර්ධනය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරයි.”

Share.

Comments are closed.