එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ආයතන දෙක​ක බලපත්‍ර අවලංගු කොට තිබෙනවා.

Emirates International Centre for Domestic Workers ස​හ Al Shamsi Domestic Workers Services ය​න ආයතන දෙක ගෘහ සේවක නීතිය, එහි විධායක රෙගුලාසි සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනා වල නියම කර ඇති වගකීම් වලට අනුකූල වීමට අපොහොසත් වීම ඊට හේතුවී තිබෙනවා.

ගෘහ සේවක නීති මගින් සියලුම කොන්ත්‍රාත්කා​ර පාර්ශ්වයන්ගේ එනම් සේවා යෝජකයින්ගේ, බඳවා ගැනීමේ ආයතන සහ ගෘහ සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බඳවා ගැනීමේ නීති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MOHRE) විසින් බලපත්‍ර අවලංගු කරන ලද ආයතන දෙකෙහි හිමිකරුවන්ට ඔවුන්ගේ සේවකයින්ගේ තත්ත්වය නිරවුල් කිරීමට, ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමට සහ බලපත්‍ර අවලංගු කරන දිනය දක්වා ගෙවිය යුතු දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් දුන්නේය.

එම ආයතන දෙකට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අදාළ පළාත් පාලන ආයතනවලට දැනුම් දී ති​බේ.

අමාත්‍යාංශය පැවසුවේ, “ගෘහස්ථ සේවක බඳවා ගැනීමේ ආයතන ඔවුන්ගේ මෙහෙයුම් නියාමනය කිරීම සඳහා නිකුත් කර ඇති නීතිවලට අනුකූල විය යුතු අතර, එමඟින් ඔවුන් සේවා යෝජකයන්ට සහ පවුල්වලට සපයන සේවාවන් වැඩිදියුණු කිරීමට මෙන්ම සේවා යෝජකයින්, ගෘහ සේවකයින් සහ බඳවා ගැනීමේ ආයතන ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපකාරී වේ.”

MOHRE පැවසුවේ “නීතිය උල්ලංඝණය කරන බව සොයා ගන්නා ලද ඕනෑම බඳවා ගැනීමේ නියෝජිතායතනයකට එරෙහිව නීතිමය ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී ලිහිල් නොවන” බවයි.

නීති සහ රෙගුලාසි වලට අනුකූලව, තම සේවාලාභීන්ට කැපී පෙනෙන සේවාවන් සැපයීම සහ සියළුම සේවකයින් සඳහා සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම​ට, www.mohre.gov.ae නිල වෙබ් අඩවියේ ලැයිස්තුගත කර ඇති අමාත්‍යාංශය විසින් බලය පවරන ලද ආයතන සමඟ පමණක් ගනුදෙනු කරන ලෙස සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටී.

නීතිමය ප්‍රතිවිපාක ගෙන දෙන බලපත්‍ර නොමැති ආයතන සමඟ ගනුදෙනු කිරීමට එරෙහිව අවවාද කරමින්, ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන පිළිබඳ කිසියම් සෘණාත්මක භාවිතයක් හෝ ප්‍රතිචා​ර හුවමාරු කර ගැනීමට 600590000 ට තම ඇමතුම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්නා ලෙස MOHRE පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.