එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිජිටල් රජය, වීසා බලපත්‍රයක් ඉල්ලුම් කළ හැකි විද්‍යුත් සබැඳි හතරක් හඳුන්වා දෙන අත​ර, එමගින් අවශ්‍ය සංචාර​ක වීසා බලපත්‍රයක් අයදුම් කිරීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහාත් ඩිජිටල් සේවාවන්හි ප්‍රයෝජන ගැනීමට විදේශිකයන්ට ආරාධනා කරයි.

අනුග්‍රාහකයකු හෝ සත්කාරකයකු අවශ්‍ය නොවී ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා විදේශිකයන්ට දින 60, 90 හෝ 120 ක වලංගු කාලයක් සහිත තනි පිවිසුම් වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි බව එහි සඳහන් වේ.

ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා වන සංචාර වීසා බලපත්‍රය අනුග්‍රාහකයෙකු හෝ සත්කාරකයකු අවශ්‍ය නොවී විදේශිකයන්ට පහසුවෙන් රටට ඇතුළු වීමට ඉඩ සලසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට ආයෝජකයින් සහ ව්‍යවසායකයින් දිරිමත් කිරීම එහි අරමුණයි.

සංචාර​ක වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට, අයදුම්කරු මූල්‍යමය වශයෙන් ස්ථාවරවූ, දක්ෂතාවයක් සහිත, ඉහළ සුදුසුකම් ලත්, තම මව් රටේදී අනාගත ව්‍යාපාරය සම්භන්ධයෙන් වෘත්තිකයෙකු විය යුතු අතර නියමිත මූල්‍ය ඇපකරය​ද සපුරාලිය යුතුය.

අවශ්‍ය ලියකියවිලි : වර්ණවත් ඡායාරූපයක්, අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සහ සුදුසුකම් සහතික ක​ළ සහතික පත්.

විදේශයන්හි සිටින විදේශිකයින්ට පහත සබැඳිය හරහා ඩුබායි – නේවාසික සහ විදේශ කටයුතු පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය හරහා රට තුළ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා සංචාරය වීසා සඳහා ඉල්ලුම් කළ හැක: https://gdrfad.gov.ae/en/services/957ca221-4083-11ed-4fe5-0050569629e8

ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා දින 60ක තනි ප්‍රවේශ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට, අයදුම්කරුට මෙම සබැඳිය හරහා අනන්‍යතාවය, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය අවස්ථාව සළසයි: https://smartservices.icp.gov.ae/echannels/web/client/guest/index.html?administrativeRegionId=1#/serviceCards/944

ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා දින 90ක තනි ප්‍රවේශ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට, අයදුම්කරුට මෙම සබැඳිය හරහා ඉල්ලුම් කළ හැක: https://smartservices.icp.gov.ae/echannels/web/client/guest/index.html?administrativeRegionId=1#/serviceCards/945

ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා දින 120ක තනි ප්‍රවේශ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට, අයදුම්කරුට මෙම සබැඳිය හරහා ඉල්ලුම් කළ හැක: https://smartservices.icp.gov.ae/echannels/web/client/guest/index.html?administrativeRegionId=1#/serviceCards/946

Share.

Comments are closed.