ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පෙරේදා රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජපානය සමඟ පැවති තරගය ජයග්‍රහණය කළ ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමඟ පැවති තරගවලින් පරාජයට පත්වීම හේතුවෙන්, තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධන මාධ්‍යයට කියා සිටියේ “අපි හිතා ගෙන සිටිය දේ කර ගන්න බැරිව ගියා ” යනුවෙනි.

Share.

Comments are closed.