එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වස​රේ මීට පෙර වාර්තාවූ අවම උෂ්ණත්වය වූ​ සෙල්සියස් අංශක 8.8 ​ට පසුව දෙසැම්බර් 16 ඊයේ උ​දේ 6 ට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.6 ක් ලෙස අවම අගයක් වාර්තා විය.

එය වාර්තා වූ​යේ රටේ වැඩිපුරම සංචාරක ආකර්ශණයක් ඇති කරන කඳු පන්තියක් ව​න රසල් කයිමා කඳුකරයේ ජෙබෙල් ජයිස් හී​ය. ඒ සමගම රටේ අනෙකුත් ප්‍රදේශයන් අතර රක්නාහ්හි සෙල්සියස් අංශක 7.3ක්, Mebreh කඳුකරයේ සෙල්සියස් අංශක 8.9ක්, Jabal Al Rahba හි සෙල්සියස් අංශක 9.2ක් සහ Damtha හි සෙල්සියස් අංශක 10.2ක් වාර්තා වූ බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කොට තිබුණා.

විශ්මයජනක දසුන් ගෙනඑ​න සහ ප්‍රසන්න කාලගුණයක් සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති ජෙබෙල් ජයිස් ශීත මාසවලදී පදිංචිකරුවන්ගේ සහ සංචාරකයින්​ගේ ප්‍රියතම ස්ථානයක් බවට පත්ව ඇත. මෙවර ශීත සෘතුව නිල වශයෙන් ආරම්භ වීමටත් පෙර සිටම අඩු උෂ්ණත්වයක් වාර්තා වෙමින් පවතින අතර නිල වශයෙන් එය දෙසැම්බර් 21 වැනිදායින් පසුව ආරම්භ වනු ඇතැයි විශේෂඥයෝ පවසති.

Share.

Comments are closed.