සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමේ තවත් පියවරක් ලෙස ලබන වසරේ මුල සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්වයංක්‍රීයව පුද්ගලයන්ගේ මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් (AFHS) ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊ​යේ අම්බලන්ගොඩ දී පැවසිය.

ඒ අනුව ගුවන් තොටුපලේ පිටවීමේ හා ඇතුල්වීමේ පර්යන්තවල කැමරා අට බැගින් සවිකර පුද්ගලයන්ගේ මුහුණු අනුව ඔවුන් හඳුනාගැනීමේ තොරතුරු පරීක්ෂාකර බලා පොලිසියට අවශ්‍ය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුලු පුද්ගලයන් ගුවන් තොටුපොළේ දී​ම අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන බව තෙන්නකෝන් මහතා පැවසීය.

මෙහි මූලික පියවරක් ලෙස දැනට හඳුනාගෙන ඇති සංවිධානාත්මක අපරාධකරුවන්ගේගේ දත්ත මෙම ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතියට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා පැවසීය.

දැනට සංවිධානාත්මක අපරාධකරුවන් 1091 කගේ දත්ත යාවත්කාලින කර ඇති අතර එයින් 790 කගේ දත්ත අංග සම්පූර්ණ කර තිබන බවත් 750 කගේ ඡායාරූප ලැබී තිබෙන බවත් 583 දෙනෙකු​ගේ විදෙස් ගමන් බලපත් තොරතුරු සකස් කර ගෙන ඇති බවත් 98 දෙනෙකු විදේශ ගතවී ඇති බවත් 37 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති බවත් 42 දෙනෙකු ගැන වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවත් තෙන්නකෝන් මහතා වැඩි දුරටත් පැවසීය.

ඊයේ (16) පෙරවරුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ පැවති ඇල්පිටිය පොලිස් කොට්ටා​ශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩ මුලුවේදී තෙන්නකෝන් මහතා මේ අදහස් පල කළේය .

Share.

Comments are closed.