ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සහ IPL පිටියේදී භාවිත කළ නොම්බර 7 ජර්සි අංකය විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව, ඉදිරියේදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකුට ජර්සි අංකය ලෙස නොම්බර් 7 යළි නොලැබේ.

දෝනි 2020දී ජාත්‍යන්තර පිටියෙන් සමුගත් දා සිට මේ දක්වා කිසිදු ක්‍රීඩකයෙකු ජර්සි අංක 07 පැළඳගෙන ක්‍රීඩා කර නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් භාවිත කළ ජර්සි අංක 10 ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළහ. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ජර්සි අංකයක් විශ්‍රාම ගැන්වූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වේ. 

Share.

Comments are closed.