VisaGuide.World හි නව ශ්‍රේණිගත කිරීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය දුරස්ථ වැඩ සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස මැදපෙරදිග පළමු සහ ගෝලීය වශයෙන් සිව්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

VisaGuide.World වෙබ් අඩවිය, වීසා ක්‍රමවේදයන්හි සඵලතාවය අධීක්‍ෂණය කිරීම සහ ඇගයීම මෙන්ම, ඩිජිටල් ක්ෂේත්‍ර​ සහ අනෙකුත් පහසුකම් ආශ්‍රයෙන් රටවල ප්‍රගතිය ද මැන බලයි.

වෙබ් අඩවියට අනුව විවිධ සාධක මත පදනම්ව ශ්‍රේණිගත කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ රුමේනියාවට පසු සිව්වන ස්ථානයට පත්ව ඇත.

කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් ආර්ථිකය සහ දුරස්ථ වැඩ යෙදුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඕමාර් බින් සුල්තාන් අල් ඔලාමා පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් ​නයාන්ගේ නායකත්වයෙන් සහ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්මක්ටුම් ගේ නියෝග මත හඳුන්වාදී ඇති විවිධ ඩිජිටල් ක්ෂේත්‍රයන්හි ඔප්පු කර ඇති සාර්ථකත්ව​යක් ස​හ පුරෝගාමී වාර්තාවක්​ සහිත බවයි. දුරස්ථ වැඩ සඳහා නම්‍යශීලී සහ අනාගතය ඉලක්ක කරගත් ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇති අතර, එය කාර්යක්ෂමතාව, අනුවර්තනය වීමේ හැකියාව සහ අභියෝග සඳහා සූදානම් වීමේ ආදර්ශයක් බවට පත්ව ති​බේ.

අල් ඔලාමා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උසස් ඩිජිටල් යටිතල පහසුකම් මගින් බල ගැන්වෙන දුරස්ථ වැඩ පද්ධති සඳහා ශක්තිමත් පදනමක් දමා ඇති බවයි. එය ලොව පුරා රාජ්‍යයන් සහ ආර්ථික පද්ධතිවල වැඩකටයුතුවලට බෙහෙවින් බාධා ඇති ක​ළ COVID-19 වසංගතය විසින් ගෙන එන ලද ප්‍රධාන අභියෝග ජය ගැනීමට හැකියාව ලබාදී තිබෙනවා.

VisaGuide.World ලොව පුරා රටවල වීසා ප්‍රතිපත්ති වෙනස් කිරීම් පිළිබඳ සරල තොරතුරු, ප්‍රවෘත්ති සහ වැදගත් යාවත්කාලීන තොරතුරු සැපයීම මගින් සංචාරක සහ ප්‍රවේශ වීසා පිළිබඳ විශේෂිත වූ මාර්ගගත තොරතුරු මාර්ගෝපදේශයක් ලෙස සේවය කරයි. එහි වීසා සහ බදු ප්‍රතිපත්ති, අන්තර්ජාල වේගය, වීසා ඉල්ලුම්පත්‍ර සඳහා ආදායම් අවශ්‍යතා, ජීවන වියදම සහ රටේ සංචාරක ආකර්ෂණ ස්ථාන සඳහා ඇගයීම් නිර්ණායක කිහිපයක්​ද ඇත.

Share.

Comments are closed.