මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) 2024 ජනවාරි 1 වනදායින් පසු පුද්ගලික අංශයේ සමාගම් සහ සේවකයින්, ගෘහ සේවකයින් සහ ගෘහ සේවකයින් බඳවා ගැනීමේ නියෝජිතායතන සම්බන්ධයෙන් ඩිරාම් 50,000 ට අඩු ආරවුල් විසඳීම ආරම්භ කරනු ඇත.

නව ක්‍රියාවලිය සියළු පාර්ශවයන්​ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම, ක්‍රියා පටිපාටි විධිමත් කිරීම සහ හිමිකම් පාන්නන්ට ඔවුන්ගේ නීත්‍යානුකූල හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම අරමුණු කරයි.

නව සංශෝධන මගින් ආරවුල විසඳීමට අමාත්‍යාංශයේ තීරණය පිළිබඳව දැනුම් දීමෙන් පසුව ඕනෑම පාර්ශ්වයකට වැඩ කරන දින 15ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට ඉඩ සලසයි. එවිට අධිකරණය වැඩ කරන දින තුනක් ඇතුළත නඩු විභාගයක් නියම කරණු ලබයි.

ඩිරාම් 50,000 ඉක්මවන ආරවුල් සඳහා සාමකාමී විසඳුම් සෙවීමට කටයුතු කරමින් අමාත්‍යාංශය සිය සුපුරුදු ක්‍රියාපටිපාටිය ඉදිරියට ගෙන යන අතර, යොමු කළ දින සිට උපරිම වැඩ කරන දින 15ක් ඇතුළත සාමකාමී විසඳුමක් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථා අදාළ අධිකරණය වෙත යොමු කරනු ඇත.

මෙම සංශෝධන​ය මගින් අධිකරණය වෙත යොමු කෙරෙන කම්කරු පැමිණිලි කඩිනම් කිරීම, කම්කරුවන්, සේවා යෝජකයන් සහ ගෘහ සේවකයන් බඳවා ගැනීමේ ආයතන අතර නීතිමය බැඳීම්වලට අනුකූල වීම වැඩි දියුණු කිරීම සහ අක්‍රමවත් සේවකයන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා කටයුතු කෙරේ.

සාධාරණ සහ පාරදෘශ්‍ය පරිසරයක් හරහා රැකියා කොන්ත්‍රාත්තුවක් සඳහා සියලුම පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම, කම්කරු ආරවුල් ඇතිවීම අවම කිරීම සහ ඒවා විසඳීම කඩිනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙ​සද ​​ මෙම සංශෝධන​ය කටයුතු කරනු ලබයි.

Share.

Comments are closed.