Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»නැවත දැනුම් දෙන තුරු විදෙස් නැව් වලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ තහනම්.
sri Lankan special

නැවත දැනුම් දෙන තුරු විදෙස් නැව් වලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ තහනම්.

kumudikaBy kumudikaDecember 20, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට විදේශ රටවල පර්යේෂණ නෞකාවලට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධව අදාළ රටවල්වලට දැනුම් දීමට කටයුතු කර ඇතැයි එම අමාත්‍යංශ නිවේදන වල සඳහන්ය.

නමුත් පර්යේෂණ නෞකාවලට සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම් දැමිය හැකි බවත් එය වැළැක්විය නොහැකි බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය. මේ තීරණයත් සමඟ චීනය ලබන ජනවාරි 5 වැනිදා සිට මැයි මාසය අවසානය දක්වා දකුණු ඉන්දියානු මුහුදු ගැඹුරු ජලයේ පර්යේෂණ කටයුතු කරන ෂියෑන් යැන්ග් හොන්ග් 3 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වාරයේ නැංගුරම් ලෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේද යන ප්‍රශ්නය කතා කිරීමට අවශ්‍යතාවයක් පැන නොනගින බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ෂි යාන් 6 චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් සිය සමීක්ෂණය අවසන් කර පසුගිය 2 වැනිදා සිංගප්පූරුවට ළඟා වූ අතර ඉන් පසුව තවත් පර්යේෂණ සහ සමීක්ෂණ නෞකාවක් වන ෂියෑන් යැන්ග් හොන්ග් 3 කොළඹ වාරයේ නැංගුරම්ලා ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට චීනය ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා සිටියේය.ඒ අවස්ථාවේදී ගැඹුරු මුහුදේ පර්යේෂණ කටයුතු කිරීමට ෂියෑන් යැන්ග් හොන්ග් 3 නෞකාවට අවසර ලබා නොදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දන්වා සිටි බව සඳහන් වේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊශ්‍රායල් රැකියා සඳහා කිසිවෙකුට මුදල් දෙන්න එපා
Next Article පුහු ආටෝප වලින් තොරව මෙවර නත්තල දිළිදු අය සමඟ සමරන්න.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.