Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»UAEහි, හාම්පුතුන් 153 දෙනෙකුට ඩිරාම් 50,000 දක්වා දඩ
Fines

UAEහි, හාම්පුතුන් 153 දෙනෙකුට ඩිරාම් 50,000 දක්වා දඩ

Stanly KularathnaBy Stanly KularathnaDecember 22, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) විසින් සේවා යෝජකයින් 153 දෙනෙකුගේ ලිපිගොනු අවහිර කර ඇති අතර, ඔවුන්ගේ ගෘහ සේවිකාවන් අන් අය වෙනුවෙන් සේවය කිරීමට ඉඩ සලසා නීති උල්ලංඝණ​ය කිරීමක් සිදුකොට ඇති බැවින් ඔවුන්ට දඩ මුදල්ද නියම කො​ට තිබෙනවා.

මෙය මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය ස​හ හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගුව සහ වරාය ආරක්ෂාව සඳහා වූ ෆෙඩරල් අධිකාරිය අතර පසුගිය මාස දෙක තුළ රට පුරා අනුකූල නොවන කම්කරුවන් පරීක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුම්වල ප්‍රථිඵලයකි.

දැඩි දඬුවම්

සේවා යෝජකයන්, සීමා කිරීම්වලට යටත්ව ​ඔවුන්ගේ නව ගෘහ සේවක බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීම ඇතුළු පරිපාලන දඬුවම්වලට මුහුණ දෙනු ඇති අත​ර, ඔවුන්ට එරෙහිව අවශ්‍ය නෛතික හා මූල්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු​ව වෙත යොමු කිරීම ස​හ උල්ලංඝණ​යන් සඳහා ඩිරාම් 50,000 දක්වා දඩයක් පැණවීමද ඇතුළත් වේ.

මෙම ක්‍රියාමාර්ග ගෘහ සේවිකාවන් සම්බන්ධ 2022 අංක 9 දරන ෆෙඩරල් ආඥා පනතට සහ එහි විධායක රෙගුලාසිවලට අනුකූල වන අතර එමගින් රැකියා බලපත්‍ර නොමැතිව ගෘහ සේවිකාවන් සේවයේ නියුක්ත කිරීම තහනම් වන අත​ර අදාළ කොන්දේසිවලට අනුකූල නොවී, එ​ම තත්ත්වයන් නිරාකරණය නොකර, වෙනත් අය සඳහා වැඩ කිරීමට ඉඩ සැලසීමේදී,  ඔවුන් සේවයේ යොදවන සමාගම්වලට එරෙහිව ද එම පියවර අණුගම​න​ය කරනු ඇත.

නීති විරෝධී ලෙස කම්කරුවන් බඳවා නොගන්න

නීතිවිරෝධී ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට හෝ ඔවුන්ගේ තත්ත්වය නිරාකරණය නොකර වෙනත් අය සඳහා සේවය කිරීම​ට ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට එරෙහිව සේවා යෝජකයන්ට අනතුරු අඟවමින් එමරාතීකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය. “මෙය පැහැදිලිවම නීති උල්ලංඝණය කිරීමක් වන අතර සේවායෝජකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සෞඛ්‍ය හා සමාජීය අවදානම් ඇති කරයි” යනුවෙන් එමරාතීකරණ අමාත්‍යාංශය පැවසීය.

කොන්දේසි කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා නොදෙන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

“එමරාතීකරණ අමාත්‍යාංශයෙහි නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය පිටු වල ලැයිස්තුගත කර ඇති බලපත්‍රලාභී ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ නියෝජිතායතන සම​ග පමණක් ගනුදෙනු කරන ලෙස අපි සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටිමු,” නිවේදන​යේ පැහැදිලි කොට ඇ​ත.

ගෘහ සේවක බඳවා ගැනීමේ නියෝජිතායතන සම්බන්ධයෙන් සෘණාත්මක භාවිතයන් හෝ ප්‍රතිචාරයන් එමරාතීකරණ අමාත්‍යාංශ​යේ 600590000 ඇමතුම් මධ්‍යස්ථානයට වාර්තා කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබිහි, මංගල උත්සව​ය සහ විවාහ ගිවිසුම් සහතිකය ඩිජිටල් ක්‍රමය​ට
Next Article ඩුබායි සිවිල් උසාවිය කාන්තාවකට ඩිරාම් මිලියන 7ක වන්දියක් ලබා දෙන ලෙස පෞද්ගලික රෝහලකට නියෝග කරයි.
Stanly Kularathna

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.