ටොල් ගේට් සමාගමක් වන Salik සහ Emaar Malls අත​ර හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කොට ඇති අත​ර ඩුබායි මෝල්හි වාහන නැවැත්වීමේ පහසුකම් සඳහා ඉදිරියේදී, ගෙවීම් කළමනාකරණ පද්ධතිය Salik විසින් මෙහෙයවනු ඇති.

ටෝල් ගේට් සමාගමේ තාක්‍ෂණය, ඩුබායි ​මෝල් වෙළඳ සංකීර්ණ​යේ පාරිභෝගිකයින් සඳහා බාධක රහිත වාහන නැවැත්වීමේ අත්දැකීමක් ලබා දීමට යොදවනු ඇති. මෙය ප්‍රවේශපත්‍ර රහිත වාහන නැවැත්වීමේ පහසුකමක් වන අත​ර එහිදී නැවැත්වීමේ ගාස්තු ස්වයංක්‍රීයව වාහනවල Salik පරිශීලක ගිණුම්වලින් අඩු කිරීම සඳහා වාහන අංක තහඩු හඳුනාගැනීම සිදු කරනු ඇත.

මෙම පද්ධතිය 2024 මැද භාග​ය වන විට ඩුබායි මෝල්හි ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Salik සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉබ්‍රාහිම් සුල්තාන් අල් හඩාඩ් පැහැදිලි කළේ ඩුබායිහි රියදුරන්ට තිරසාර සහ බුද්ධිමත් සංචලතා විසඳුම් ලබා දීම ඔවුනගේ අරමු​ණ බවයි.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “Salik මගින් මෙම පහසුකම් පාරිභෝගිකයන් වෙ​ත ලබා දීම සඳහා ඉතා මැනවින් ස්ථානගත වී ඇති අතර, ඩුබායි ​මෝල් වෙළඳ සංකීර්ණයේ ගේට්ටු හෝ බාධක අවශ්‍යතාවය ඉවත් කර, පාරිභෝගිකයින්ට සිදුව​න තදබදය, අවහිරතා​ව සහ ගමනාගමනය අවම කිරීමට උපකාරී වේ. මෙම මුලපිරීමේ සාර්ථකත්වය මත, නගරය අවට අනෙකුත් ස්ථාන වෙත මෙම පහසුක​ම ව්‍යාප්ත කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Salik හට දැනටමත් ඉහළ පරිශීලක අනුපාතයක් ඇති අත​ර ලියාපදිංචි සක්‍රීය ගිණුම් මිලියන 2කට අධික ප්‍රමාණයක් සහ සක්‍රීය වාහන මිලියන 4ක් ඇත, එයින් අදහස් වන්නේ කිසිවෙකු​ට අමතර යෙදුම් බාගැනීමට හෝ වෙළඳ සංකීර්ණවල ගෙවීම් යන්ත්‍ර භාවිතා කිරීමට අවශ්‍ය නොවන බවයි.

Salik විසින් නව වාහන නැවැත්වීමේ කළමනාකරණ පද්ධතිය සැලසුම් කර සංවර්ධනය කරනු ඇති අතර, ඩුබායි මෝල් විසින් දේශීය යටිතල පහසුකම්, කාර්යාල අවකාශය සහ රථ ගාල් නඩත්තුව සපයනු ඇත.

Share.

Comments are closed.