ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්තා අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසර තුනකට අධික කාලයකට පසුව පළමු පෙළ තරගයකට හෙට (23) සහභාගි වීමට නියමිතය.

සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) නියෝජනය කරන ධනුෂ්ක, නුගේගොඩ ක්‍රීඩා සමාජය එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන තරගයට සහභාගි වීමට නියමිත බව සඳහන්ය. ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ තහනම මීට මාස කීපයකට ඉවත් කළ ද එස්.එස්.සී. පනවා තිබූ තහනම ඉවත් කර තිබුනේ නැත. නමුත් එම තහනම පසුගියදා ඉවත්කිරීම හේතුවෙන් ඔහුට නැවත අන්තර් සමාජ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාවිය.
ධනුෂ්ක අවසන් වරට 2020 වසරේ අගෝස්තු මස එස්.එස්.සී. පිල නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබේ.

Share.

Comments are closed.