Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»UAE, කලාප​යේ ‘වඩාත්​ම තරඟකාරී’ ආර්ථිකය​ට හිමිකම් රට ලෙස ශ්‍රේණිගත වෙයි
Economy

UAE, කලාප​යේ ‘වඩාත්​ම තරඟකාරී’ ආර්ථිකය​ට හිමිකම් රට ලෙස ශ්‍රේණිගත වෙයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අරාබි මූල්‍ය අරමුදල (AMF) විසින් නිකුත් කරන ලද නවතම අරාබි ආර්ථික තරඟකාරීත්ව දර්ශකයේ ප්‍රමුඛ​ම ස්ථානය හිමිකර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අරාබි ලෝකයේ ආර්ථිකමය වශයෙන් වඩාත්ම තරඟකාරී රාජ්‍යයක් ලෙස සිය ස්ථාවරය තහවුරු කරගෙ​න ඇත.

AMF හි අරාබි ආර්ථික තරඟකාරීත්ව වාර්තාවේ හත්වන අදියරේදී හෙලි කරන ලද මෙම ප්‍රමුඛ කාර්ය සාධනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශක්තිමත් සමස්ත ආර්ථිකය, වඩ වඩාත් ආකර්ෂණීය ආයෝජන පරිසරය සහ රටෙහි වර්ධනය වන ආකර්ෂණීය තත්ව​ය ​ඇතුලු තීරණාත්මක අංශ හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර ප්‍රගතිය අවධාරනය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාජ්‍ය මූල්‍ය දර්ශකයේ ඉහළම ස්ථානය ලබාගෙන ඇති බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. හිඟය – අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය ආශ්‍රයෙන් පළමු ස්ථානයත්, බදු බර දර්ශකයේ දෙවන ස්ථානයත් හිමි කර ගනී.

මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආයෝජන පරිසරය සහ ආකර්ශනීය බව අනුව අරාබි රටවල් අතර පළමු ස්ථානයට පත්ව ඇති බව වාර්තාවේ සඳහන් වේ. සියලුම උප දර්ශකවල එහි ඇති උසස් තත්ත්වය හේතුවෙන් ආර්ථික නිදහස් දර්ශකයේ ඉහළට පැමිණ ති​බේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යටිතල පහසුකම් දර්ශකයේ ද ඉහළින්ම සිටී. ජංගම දුරකථන දායකත්වයේ ප්‍රමුඛයා සහ විදුලි ප්‍රවේශය සහිත ඉහල ජනගහන ප්‍රතිශතය, සමස්ත ගෝලීය ප්‍රවාහන​යේ නැව්ගත කිරීම් ස​හ ගුවන් ප්‍රවාහන කටයුතු අංශයෙහි දෙවන ස්ථානයට පත්ව ඇත.

ආයතනික සහ යහපාලන අංශ සම්බන්ධයෙන් ගත් කල, පරිපාලන දූෂණ සහ රාජ්‍ය කාර්යක්ෂමතා දර්ශක යන දෙඅංශයෙන්ම උසස් ශ්‍රේණිගත කිරීමක් අත්කර ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය අරාබි රටවල් අතර පෙරමුණට පැමිණියේය.

බොහෝ අරාබි රටවල් ඵලදායිතාව ඉහළ නැංවීමට, නිෂ්පාදිත භාණ්ඩවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ නිෂ්පාදන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් බහු ජාතික උපාය මාර්ග සහ දර්ශන අනුගමනය කර ඇති බව අරාබි මූල්‍ය අරමුදලේ වාර්තාව පෙන්වා දෙයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊශ්‍රායලය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම් වේගවත් කරයි
Next Article 90% දක්වා වට්ටම් රැගෙන දෙසැම්බර් 26 වෙනිදා පැමිණෙන පැය 12ක මෙගා සේල්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.