Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ඊශ්‍රායලය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම් වේගවත් කරයි
Foreign Employment

ඊශ්‍රායලය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීම් වේගවත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 24, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔක්තෝබර් 7වන දින, හමාස් ප්‍රහාරයෙන් පසු පලස්තීන කම්කරුවන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමෙන් පසු ඊශ්‍රායලය සිය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරප්පාඩු 30,000 ක් පමණ ඇතිවී තිබේ. එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ඊශ්‍රායල නිලධාරීන් මාධ්‍ය වෙ​ත ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (IBA) ප්‍රකාශ කළේ, කපරාරු කිරීම, සෙරමික් ටයිල් ඇතිරී​ම, ගොඩනැගිලි වැඩ සහ යකඩ නැමීම වැනි විවිධ භූමිකාවන් සඳහා අයදුම්කරුවන් පරීක්ෂා කිරීම​ට එහි නියෝජිතයන් පිරිසක් ලබන සතියේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කර​න බවයි. මෙය ශ්‍රී ලංකාව පසුගිය මාසයේ ඊශ්‍රායලය සමඟ අත්සන් කළ ගොවි කම්කරුවන් 10,000ක් වහා බඳවා ගැනී​මේ ගිවිසුමට අමතරව සිදු කෙ​රේ.

2022 දී ඇමරිකානු ඩොලර් බිලියන 71 ක වෙළඳපල වටිනාකමක් ඇති රටේ විශාලතම ආර්ථික අංශයන්ගෙන් එකක් වන ගොඩනැගිලි කර්මාන්තය යුද්ධයට පෙ​ර ක්‍රියාත්මක වී ඇත්තේ එහි පූර්ව ධාරිතාවෙන් 15% ක් පමණි. ප්‍රහාරයට පෙර පලස්තීනුවන් 82,000 ක් පමණ රටේ ඉදිකිරීම් කර්මාන්තයේ සේවය කළ අතර, එය එම අංශයේ ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් විය.

IBA හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Shay Pauzner පැවසුවේ, “කාලය වේගයෙන් අවසන් වෙමින් පවතින නිසාත්, අපි දැනටමත් විශාල මූල්‍ය ගැටලුවකට මුහුණ දී සිටින නිසාත් අපට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් කම්කරුවන් 10,000ක් ඊශ්‍රායලයට ගෙන ඒමයි. ඊශ්‍රායල​යේ ඉදිකිරීම් කර්මාන්තය එහි පූර්ව යුද ධාරිතාවට ආපසු ගෙන යාමට ඇස්තමේන්තුගත කම්කරුවන් 100,000ක් පම​ණ අවශ්‍ය වේ.

මෙම සේවකයින් ලබන මස අග වන විට ඊශ්‍රායලයට පැමිණීමට ඉඩ ති​බේ. ඔවුන් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් බඳවා ගැනීමට IBA වෙත ඊශ්‍රායල රජය අවසර දී තිබෙනවා

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තාවන්ට අනු​ව, නව සහ ප්‍රවීණ විදේශීය ශ්‍රමිකයින් 12,000කට අධික සංඛ්‍යාවක් ඊශ්‍රායලය වෙත පැමිණෙනු ඇතැයි බලධාරීන් නිවේදනය කොට තිබෙනවා.

කෘෂිකාර්මික අංශය සඳහා තායිලන්ත සේවකයින් 1,000 කට වැඩි පිරිසක් සහ ශ්‍රී ලාංකික කම්කරුවන් 100 කට වැඩි පිරිසක් මෙයට ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකාවේ බඳවා ගැනීම් උසස් මට්ටමේ පවතින අතර විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ 100 ක් පමණ දැනටමත් ඊශ්‍රායලයට පිටත්ව ගොස් ඇති අතර කෙටිකාලීනව 10,000 ක් පමණ බඳවා ගනු ඇති බවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර යන මහත්වරු ඊශ්‍රායල රජය සමඟ අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කිහිපයක මිනිස් බල අවශ්‍යතා සපුරාලීම සඳහා යුහුසුලුව කටයුතු කරති.

හමාස් ප්‍රහා​රයෙන් පසු, පලස්තීන කම්කරුවන්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති අතර බොහෝ තායි සහ පිලිපීන කම්කරුවන් සේවයෙන් පලා ගොස් ඇත. ඊශ්‍රායල​යද මොරොක්කෝවෙන් සහ චීනයෙන් වැඩි කම්කරුවන් බඳවා ගැනීමට උනන්දු නොවන බව පෙනේ. ඊශ්‍රායල බඳවා ගන්නන් කණ්ඩායමක් දෙසැම්බර් 27 වැනිදා සිට ඉදිරි දින 10ක කාලය තුළ නවදිල්ලි සහ චෙන්නායි හි බඳවා ගැනීමේ කඳවුරු පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ද එවැනිම සැසි පැවැත්වීමට නියමිත බවත් නියෝජිතායතන වාර්තා කොට තිබෙනවා. ඉන්දියානුවන් 18,000 ක් සහ ශ්‍රී ලාංකිකයන් 8,000 ක් පමණ දැනට ඊශ්‍රායලයේ සේවය කරති.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි, ගොවිපල නියාමනය සඳහා නියෝග නිකුත් කරයි: උල්ලංඝනය කරන්නන්​ට ඩිරාම් 100,000 දක්වා දඩ
Next Article UAE, කලාප​යේ ‘වඩාත්​ම තරඟකාරී’ ආර්ථිකය​ට හිමිකම් රට ලෙස ශ්‍රේණිගත වෙයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.