දෙසැම්බර් 26 වෙනි අඟහරුවාදා උදේ 10 සිට රාත්‍රී 10 දක්වා, වැසියන්ට සහ සංචාරකයින්ට, ඇදහිය නොහැකි ගනුදෙනු ලබා ගැනීමට සහ ඇතැම් වෙළඳ සංනාම සඳහා 90% ක් දක්වා වට්ටම් ලබා ගැනීමට Mall of the Emirates, City Center Mirdif, City Center Deira, City Centre Me‘aisem, City Centre Al Shindagha ස​හ My City Centre Al Barsha හි සාප්පු සවාරි යන්නන්ට අවස්ථාව උදාවේ.

මෙම මෙගා අලෙවිය මෙම වසරේ Dubai Shopping Festival (DSF) හි බොහෝ විශේෂ අවස්ථා වලින් එකක් පමණි. තවත් බොහෝ ඉසව්, තර​ග සහ දිනුම් ඇදීම් මෙම වාරය සඳහා පෙළ ගැසී ති​බේ.

The Dubai Jewellery Group (DJG) දිනුම් ඇදීම මගින් සාප්පු සවාරි යන්නන් 100 දෙනෙකුට රන් කිලෝග්‍රෑම් 25 ක් දිනා ගැනීමට අවස්ථාව ලබා දෙයි. සාප්පු සවාරි යන්නන්, වෙළඳසැල්වල රන් ආභරණ සඳහා ඩිරාම් 500 කට වැඩි මුදලක් වැය කිරීමේදී ලැබෙ​න දිනුම් ඇදීමේ එක් ප්‍රවේශ පත්‍රයක් මගින් මෙම කුසපත් ඇදීමට ඇතුළු විය හැකිය. දියමන්ති සහ මුතු ආභරණ සඳහා ඩිරාම් 500 කට වැඩි මුදලක් වැය කිරීමෙන් ඔවුන්ට දිනුම් ඇදීමේ ප්‍රවේශපත්‍ර දෙකක් ලබා ගත හැකිය.

DSF Mega Raffle උත්සවය අතරතුර සෑම දිනකම Nissan Patrol වර්ගයේ වාහනයක් හෝ ඩිරාම් 100,000 මුදල් දිනා ගැනීමේ අවස්ථාව ඇතුළුව අතිවිශිෂ්ට ත්‍යාග පිරිනමයි. මේ සඳහා සහභාගිවන්නන්ට ඩිරාම් 200 ක් වටිනා ටිකට් පතක් Enoc හෝ Eppco ඉන්ධන පිරවුම්හලකින් මිලදී ගත හැකිය.

නිෂ්පාදන සඳහා 25% සිට 75% දක්වා වට්ටමක් ලබා දෙන Mercato Mall හි, සාප්පු සවාරි යන්නන්ට වෙළඳ සංකීර්ණයේ ඩිරාම් 200 හෝ ඊට වැඩි මුදලක් වැය කිරීමෙන්, මෙම DSF සඳහා සතිපතා ඩිරාම් 20,000 දිනා ගත හැකිය.

ඩුබායිහි Shopping Mall සමූහයේ දිනුම් ඇදීමේදී වාසනාවන්ත ජයග්‍රාහකයින් 25 දෙනෙකුට ඩිරාම් 10,000 සිට ඩිරාම් 40,000 දක්වා මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව තිබෙනවා. සමූහයට අයත් Al Ghurair Centre, Al Bustan Centre, Bay Avenue, Serena Market Place, Arabian Centre, Dubai Festival Plaza, Century Mall, Al Barsha Mall, Al Barsha South Mall, Times Square Centre, Etihad Mall ඇතුළු වෙළඳ සංකීර්ණයන්හි ඩිරාම් 200 හෝ ඊට වැඩි වටිනාකමකට ගණුදෙනු සිදුකරන සාප්පු සවාරි යන්නන්​ට මෙම දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලැබෙනවා.

‘ජම්බෝ දිනුම් ඇදීමට’ සහභාගී වීමෙන් මෙම DSFහිදී, රන් ග්‍රෑම් 250 ක් දක්වා දිනා ගැනීමට සාප්පු සවාරි යන්නන්​ට අවස්ථාව තිබේ. එක් වාසනාවන්ත ජයග්‍රාහකයෙකුට රන් ග්‍රෑම් 250ක් ද, සතිපතා ජයග්‍රාහකයින් හය දෙනෙකුට රන් ග්‍රෑම් 50 බැගින්ද, දෛනික ජයග්‍රාහකයින් 46 දෙනෙකුට රන් ග්‍රෑම් 10 බැගින්​ද හිමිවේ. ඒ සඳහා ජම්බෝ වෙළඳසැල්වලට හෝ Jumbo.ae හි ඩිරාම් 1,000 හෝ ඊට වැඩි මුදලක් වියදම් කිරීමෙන් දිනුම් ඇදීමට සහභාගී විය හැ​ක.

Share.

Comments are closed.