ඩුබායිහි, මේ දිනවල ක්‍රියාත්මක Dubai Shopping Festival​ උත්සවයට සමගාමීව ජලාශ්‍රිත ගමනාන්තයක් වන Al Seef හි​ද, Al Seef Creek Festival පැවැත්වෙනවා. එම උත්සව​යේ කොටසක් ලෙස, නිර්මාණය කල දැවැන්ත​ නත්තල් ගස ආලෝකමත් කිරීමද ඇතුලත් කොට තිබූ අත​ර එහි විශේෂත්වය වන්නේ එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණක් නොව මුළු මැද පෙරදිග කලාපය​යේ උසම නත්තල් ගස වීමයි.

එය ආකර්ෂණීය මීටර් 39 ක උසකින් යුක්තවේ. එහි සැරසිලි කටයුතු සඳහා විසිතුරු භාණ්ඩ 30,000 ක් පමණ යොදාගන ඇති අතර LED විදුලි පහන් 6,800 කට වඩා වැඩි ප්‍රමාණයකින් ආලෝකමත් වේ. නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය දෙසැම්බර් 22 සිකුරාදා පැවැත්වූ අත​ර Al Seef හි දින​පතා ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමද සිදු කෙරෙනවා.

Al Seef Creek උත්සවයට, සංස්කෘතික හා අධ්‍යාපනික ක්‍රියාකාරකම්, පවුලේ විනෝදාස්වාදය සහ සුවිශේෂී භෝජන සහ සාප්පු සවාරි දීමනා, දක්ෂ කලාකරුවන්ගේ සජීවී ප්‍රසංග අත්විදීමටත්, අව්‍යාජ එමරාති කඩමණිඩි​​යේ වීදි වෙළඳපොළක ගෘහස්ථ ශිල්පීන් විසින් නිර්මාණය කල හස්ත කර්මාන්ත, ස්වර්ණාභරණ, විලාසිතා සහ ගෘහ භාණ්ඩ මිළදී ගැන්මටත් අවස්ථාව උදා​වෙනවා.

Al Seef දැනටමත් නගරයේ Instagram ඉසව් සඳහා වඩාත්ම ජනප්‍රි​ය දිස්ත්‍රික්කවලින් එකක් ලෙස​ද සැළකෙනවා.

Share.

Comments are closed.