නත්තල් සහ අලුත් අවුරුදු ළං වන විට, ලෝකයේ අවධාන​ය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට යොමු ව​න අතර, එහි ඇති විවිධ විශේෂිත ස්ථාන සහ ක්‍රියාකාරකම් ඔස්සේ සංචාරක ආකර්ශණ​ය දිනාගෙ​න තිබෙනවා. සුඛෝපභෝගී හෝටල්, මෙගා-වෙළඳ සංකීර්ණව​ල සිට කාර්යබහුල සම්ප්‍රදායික වෙළඳපල දක්වා, සෑම කෙනෙකුටම එය යමක් පිරිනමනු ලබනවා.

උත්සව සමයේ වාර්තාගත සංචාරක පැමිණීමක් සිදුවන බ​ව සංචාරක හා ගුවන් සේවා පුරෝකථනය කොට තිබෙනවා. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාර සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, හෝටල් වෙන්කිරීම් අනුපාත උපරිමයට තල්ලු වෙමින් පවතිනවා.

සංචාරක වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් වන “Wego”, වාර්තා කරන්​නේ නිවාඩු දිනයන්හි මැද පෙරදිග ගුවන් ගමන් සෙවීමේ මුල්තැ​න එක්සත් අරාබි එමීර් රාජ්‍යය දරන බවයි. වාර්තාවට අනුව දෙසැම්බර් මස මුලදී එමිරේට්ස් වෙත ගුවන් ගමන් සඳහා 300,000 කට අධික සෙවීම් වාර්තා වී තිබේ.

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) නිවාඩු කාලය තුළ මගී ගමනාගමනයේ විශාල වැඩිවීමක් අපේක්ෂා කරයි. දෙසැම්බර් 15 සහ 31 අතර සාමාන්‍ය දෛනික ප්‍රවාහය මගීන් 258,000ක් සමඟින් ඇස්තමේන්තුගත මිලියන 4.4​ක මගීන් සඳහා සුමට ගමන් අත්දැකීමක් සහතික කිරීම සඳහා ඔවුන් සියලු ගමනාන්ත සූදානම් කොට තිබෙනවා.

මේ අත​ර එතිහාඩ් එයාර්වේස් දෙසැම්බර් මාසයේදී මගීන් මිලියන 1.4 කට පමණ සිය සේවාවන් සැපයීමට අපේක්ෂා කරනවා. අබුඩාබි ගුවන්තොටුපළෙහි නව ඉඩකඩ සහිත A පර්යන්තය මෑතකදී විවෘත කිරීමත් සමඟ, Etihad Airways විසින් සියළුම පන්ති සඳහා අති නවීන මගී පිරික්සුම් පහසුකම් සහිතව සංචාරකයින් පිළිගනී.

සෑම වසරකම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය නත්තල් සහ අලුත් අවුරුදු සමයේදී ශීත ඍතුව සඳහා ආශ්චර්යමත් දේශයක් බවට පත් වන අතර, සංචාරකයින් මිලියන ගණනක් එහි ඇදී ​එයි. රට පුරා ඇති ප්‍රධාන ක්‍රියාකාරකම් සෑම වයස් කාණ්ඩයකම සංචාරකයින් ආකර්ෂණය කරයි.

දෙසැම්බර් මැද භාගයේ සිට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල්වල 95% ඉක්මවන පදිංචි අනුපාතයක් වාර්තා වී ඇත. අලුත් අවුරුදු උදාවන වි​ට, සමහර ආයතන 100% ධාරිතාවයට ළඟා වීමට අපේක්ෂා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, විවිධ මිළ ගනන් යට​තේ සංචාරකයින්​ගේ සුවපහසුව සහ සුඛෝපභෝගී අවශ්‍යතා සපුරාලන විවිධවූ හෝටල් විකල්ප ඇත. මෙම හෝටල් වෙත පැමිණෙන සංචාරකයින් වෙරළ තීරයේ හෝටල් සහ නිවාඩු නිකේතන මගින් සපයන සන්සුන් හා විවේකී වාතාවරණයක් භුක්ති විඳින අතර කාන්තාර නිවාඩු නිකේතන, සෆාරි ලෝලීන්ට ලෝකයේ වෙනත් තැනක නොලැබිය හැකි අද්විතීය අත්දැකීමක් ලබා දෙයි.

රටේ සියලුම එමීර් ප්‍රදේශයන් නව වසර සැමරීම සහ 2024 පිළිගැනීම සඳහා සංචාරකයන් ඉලක්ක කරගත් ක්‍රියාකාරකම්, විනෝදාස්වාද සහ සංදර්ශන මාලාවක් ඉදිරිපත් කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ප්‍රමුඛ සංචාරක ගමනාන්​තවල පවත්වනු ලබන කැපී පෙනෙන ගිනිකෙළි සංදර්ශනවලින් ලොවම මවිතයට පත් කිරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන යයි.

Share.

Comments are closed.