DP World International League T 20 තරඟාවලියේ දෙව​න වාරය ජනවාරි 19 සිකුරාදා ආරම්භ වන අතර ප්‍රවේශපත්‍ර විකිණීම දැන් ආරම්භවී ඇත. ඒවා tickets.ilt20.ae හෝ Virgin Megastore වෙතින් මිලදී ගත හැක.

තරඟාවලිය පුරාවට, සාමාන්‍ය ප්‍රවේශපත්‍ර සඳහා ඩිරාම් 20ක් පමණක් වැය වන අතර විවේකාගාර ප්‍රවේශය (lounge access) ඩිරාම් 60 සිට ආරම්භ වේ.

පළමු තර​ඟය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, වත්මන් ශූරයන් වන ගල්ෆ් ජයන්ට්ස් සහ සාජා වොරියර්ස් සමඟ ​තර​ඟවැදීමට නියමිතය.

අවසන් මහා තර​​ඟය පෙබරවාරි 17 සෙනසුරාදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

UAE DP World International League T20 Season 2 සඳහා ක්‍රිකට් ක්‍රීඩා​වේ දැවැන්ත නම් අතර සිටි​න Trent Boult, Shimron Hetmyer, David Warner, Andre Russell සහ Rahmanullah Gurbaz ද ඇතුළත් වේ. ජාත්‍යන්තර ක්‍රීඩකයින් 100කට වැඩි ප්‍රමාණයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින් 24 දෙනෙකු ලීගයට සහභාගී වේ.

මාසයක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියේ පළමු වාරය ඉතා සාර්ථක වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා තරඟ 34 ක් පැවැත්විණි.

Share.

Comments are closed.