මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද (26) සිට ආරම්භ වේ. පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කල සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද මළුවට වැඩම කරවීම ඊයේ අලුයම සුබ මොහොතින් සිදු කෙරුණි.


මාර්ග 4 ක් ඔස්සේ එය සිදු විය.

එක් පෙරහැරක් හැටන් නල්ලතන්නිය ඔස්සේ හා තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා විණි.
මීට අමතරව, රත්නපුර, පලාබද්දල හරහාත් අනෙක් පෙරහැර කුරුවිට, එරත්න හරහාත් ශ්‍රී පාද මළුවට ළඟා වී තිබේ.

අද අලුයම යෙදුන සුබ මොහොතින් ශ්‍රී පාද පද්මය දෝවනය කිරීමෙන් පසුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම සිදු වුණේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

Share.

Comments are closed.