එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රටේ සියලුම වැදගත් අංශ සඳහා නිපුණතා සහ දක්ෂතා ඇති පුද්ගලයින් ගෙන්වා ගැනීමට ඒකාබද්ධ පද්ධතියක් දියත් කරන බව එහි කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කොට ඇති බැවින් විශ්ව විද්‍යාල සිසුන් සහ ඉන් පිටත දක්ෂතා ඇති කීර්තිමත් සිසුන් ආකර්ෂණය කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය උනන්දු වෙයි. මෙම තීරණයට අනුව ආයෝජකයින්ට, නිපුණතා ඇති පුද්ගලයින්ට සහ කැපී පෙනෙන දක්ෂතා ඇති සිසුන්​ට ස්ථිර පදිංචිය සඳහා Golden Visa ලබා දීම ඇතුළත් වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නව රෙගුලාසිවලට අනුකූලව, ආයෝජකයින්ට සහ වෘත්තිකයන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථිර පදිංචිය සඳහා වීසා බලපත්‍ර ලබා දීමත් වසර දහයක් දක්වා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහාත් විධායක ක්‍රියා පටිපාටි සකස් කිරීමට අදාළ බලධාරීන්​ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, නව නිපැයුම්කරුවන් සහ තාක්ෂණික අංශවල සහ විද්‍යාත්මක පර්​යේෂකයන් ස​හ විශේෂඥයන් ඇතුළු ඇතැම් වෘත්තිකයන්​ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වසර 10ක ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හිමිකම් ලැ​බේ.

නව තීරණ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික පදනම සහ ජාතික ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීමේ ප්‍රතිපත්තියට අනුකූල වේ. තෙල් ආශ්‍රිත කර්මාන්ත මත යැපීම අඩුකිරීම​ට තුඩු දෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවීම සඳහා තෙල් නොවන ආර්ථික අංශ උත්තේජනය කිරීම මගින් මූල්‍ය සම්පත් වැඩි කිරීම මීට ඇතුලත්​වේ.

මෙම තීරණය කර්මාන්ත ගණනාවක සමෘද්ධියට දායක වන අතර, වැදගත් උපායමාර්ගික පිහිටීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීමට සාරවත් පරිසරයක් නිර්මාණය කරනු  ඇත.

ගාස්තු

අවසර ලත් කාණ්ඩවල ආයෝජකයින්ට සහ වෘත්තිකයන්ට වසර 10ක වීසා නිකුත් කිරීම හෝ අලුත් කිරීම සඳහා ඩිරාම් 1,150කි (අයදුම්පත්‍රය සඳහා ඩිරාම් 150 සහ නිකුත් කිරීම සඳහා ඩිරාම් 1,000) අයදුම්කරුවන්ගේ පවුලේ සාමාජිකයන්​ද එම මිලට​ම වසර 10ක වීසා සඳහා සුදුසුකම් ලබයි.

වසර 5ක වීසා බලපත්‍රය සඳහා UAE ඩිරාම් 650ක් වැය වන අතර, එම මුදල අයදුම්පත්‍රය සඳහා ඩිරාම් 150ක් සහ නිකුත් කිරීම සඳහා ඩිරාම් 500කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපී පෙනෙන දක්ෂතා ඇති සිසුන් සඳහා නේවාසික බලපත්‍ර ගාස්තු

  • පදිංචි බලපත්‍ර ගාස්තුව: ඩිරාම් 1,100.
  • අමතර ගාස්තු: ඩිරාම් 10.
  • නවෝත්පාදන ගාස්තුව: ඩිරාම් 10 කි.
  • රට තුළ ගාස්තු: ඩිරාම් 500.
  • බෙදාහැරීමේ ගාස්තුව: ඩිරාම් 20.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපී පෙනෙන දක්ෂතා ඇති සිසුන් සඳහා පදිංචිය වසර දෙකකට වඩා වැඩි සෑම අවස්ථාවකදීම ඩිරාම් 100 කින් වැඩි ​වේ.

Share.

Comments are closed.