එක්සත් අරාබි එමීර් රාජ්‍යය වලාකුළු වැපිරීමේ උත්සාහයන් හරහා අවම වශයෙන් 15% ක අමතර වාර්ෂික වර්ෂාපතනයක් ජනනය කරයි.
Nature Research සඟරාව විසින් මෑත කාලීනව ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වලාකුළු වැපිරීමේ ප්‍රයත්නයන් මඟින් සෑම වසරකම අතිරේක ඝන මීටර් මිලියන 168,838 ක වර්ෂාපතනයක් ලබා දෙන බව නිවේදනය කොට තිබෙනවා.
වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණ වැඩසටහන (UAEREP) විසින් අධීක්‍ෂණය කරන ලද වලාකුළු වැපිරීමේ මෙහෙයුම් වලින් භාවිතා කළ හැකි ජල පරිමාව ඝන මීටර් මිලියන 84,419 සීමාව තුළට වැටෙන බව ද Nature Research සඟරාව සඳහන් කරනවා.
වලාකුළු වැපිරීමේ මෙහෙයුම්වලදී සෑම මෙහෙයුම් පියාසර පැයකටම දළ වශයෙන් ඩිරාම් 29,000 ක් පමණ වැයවේ. මෙම මුදල එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වාර්ෂිකව දළ වශයෙන් ලැබෙන සමස්ත ඝන මීටර් බිලියන 6.7ක වර්ෂාපතනයේ කැපී පෙනෙන කොටසක් ලෙස පවතී.
UAEREP හි අධ්‍යක්ෂ Alya Al Mazroui පැවසුවේ, “අප විසින් අත්කර ගෙන ඇති කැපී පෙනෙන තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුව, සමාන ජල හිඟතා අභියෝගවලට මුහුණ දෙන රටවල පුළුල් යෙදුම් සඳහා ඇති සැලකිය යුතු විභවය හේතුවෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගනිමින් සිටී, මෙම දියුණුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වර්ෂාව වැඩි දියුණු කිරීමේ පර්යේෂණ ප්‍රමුඛස්ථානයට පත් කළා පමණක් නොව එය අපගේ සාම්ප්‍රදායික මිරිදිය ප්‍රභවයන් සඳහා ශක්‍ය සහ තිරසාර විකල්පයක් ලෙස ගෝලීය උනන්දුව ද ඇති කර තිබේ”
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සාමාන්‍යයෙන්, පර්යේෂණ සහ තාක්‍ෂණය සඳහා සැලකිය යුතු ආයෝජනයක් කරමින් සෑම වසරකම පැය 900 කට අධික වලාකුළු බීජ වැපිරීමේ මෙහෙයුම් පවත්වයි.
මේ අතර, මෙහෙයුම් මගින් ලැබෙන වර්ෂාපතන ඒකකයක පිරිවැය ඝන මීටරයකට ඇමෙරිකානු ඩොලර් 0.01 සිට 0.04 දක්වා පරාසයක පවතින බව ලිපිය අවධාරණය කරයි. මෙය රට තුළ ලවණ ඉවත් කළ ජලය නිෂ්පාදනය කිරීම සඳහා වැය වන ඝන මීටරයකට ඩොලර් 0.31ක් ලෙස වාර්තා කරන ලද පිරිවැයට සාපේක්ෂව කැපී පෙනෙන වෙනසකි. එබැවින්, ලවණ ඉවත් කළ ජලයට වඩා සැලකිය යුතු පිරිවැය ප්‍රතිලාභයක් පෙන්නුම් කරයි.