ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඝන මීදුම හේතුවෙන් අගනුවර ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කර ඇත.
මීට අමතරව නවදිල්ලි අගනුවර තෙක් ධාවනය වන දුම්රිය 25 ක් ද අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඝන මීදුම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට ද බලපා ඇති බවත්, අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරුවලින් 12 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා විය. දිල්ලියට අමතරව, පන්ජාබය, හර්යානා, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රාදේශ් යන ප්‍රාන්තවලින් ද ඝන මීදුම් කාලගුණයක් වාර්තා වන බව සඳහන්ය.

Share.

Comments are closed.