ෂෙයික් සයිඩ් මුස්ලිම් පල්ලිය (Sheikh Zayed Grand Mosque) දැන් රාත්‍රී සංචාර හඳුන්වා දී ඇති අතර සංචාරකයන් සඳහා පැය 24 පුරා විවෘතව පවතී. මෙමගින් නරඹන්නන්ට “මුස්ලිම් පල්ලිය පිහිටුවීමේ ඉතිහාසය සොයා බැලීමට සහ එහි ඉස්ලාමීය වාස්තුවිද්‍යාත්මක සැලසුමේ පොහොසත්කම ගවේෂණය කිරීම​ට” අවස්ථාවක් ලබා දෙයි.

පල්ලියේ නිල වෙබ් අඩවියට අනුව, රාත්‍රී චාරිකාවන් දියත් කිරීම විශේෂයෙන් අරමුණු කරන්නේ “සංක්‍රමණ සංචාරකයන්​ගේ සම්බන්ධක ගුවන් ගමන් සඳහා රැඳී සිටීමේ කාලයේදී කරදරයකින් තොරව මුස්ලිම් පල්ලිය නැරඹීමට කැමති” සංචාරකයින් සඳහා අවස්ථාව සැළසීමයි.

රාත්‍රී චාරිකාව මගින් මුස්ලිම් පල්ලිය තුළ සිටින සංචාරකයන්ට සුවිශේෂී වූ අත්දැකීමක් ලබා දෙයි, ඒ සන්සුන් රාත්‍රී වායුගෝලය අත්විඳීමට අවස්ථා​ව සහ සංකීර්ණ නඩත්තු හා පිරිසිදු කිරීමේ කටයුතු දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් හිමි කර දීමයි.

දෘශ්‍යාබාධිත සහ බිහිරි අය​ට භාෂා 14 කින් සංචාරය පිළිබ​ඳ බහුමාධ්‍ය මාර්ගෝපදේශ ලබා ගත හැකිය.

රාත්‍රියේදී මුස්ලිම් පල්ලිය නැරඹීමට අදහස් කරන්නන්, පැමිණීමට හේතුව, පුද්ගලික තොරතුරු, පැමිණෙ​න දිනය සහ වේලාව, පුද්ගලයින් සංඛ්‍යාව සහ භාෂාව ඇතුළු විස්තර නිල වෙබ් අඩවියේ පෝරමය​ක පිරවිය යුතුය.

එක් පුද්ගලයෙකුට පැමිණීමේ ගාස්තුව ඩිරාම් 20 කි.

Share.

Comments are closed.